මව්කිරි වඩවන
ආහාර සහ පිළිවෙත්
ලෝක සෞඛ්‍ය
සංවිධානයට (WHO) අනුව, මව්කිරි වෙනත් කිසිම
අහාරයකට සම කල නොහැකි ලෙසට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ පරිපූර්ණ ලෙස සපයා ළදරුවන්ගේ සෞඛ්‍ය
වර්ධනයට දායක වන අතරේම මව්වරුන්ගේ සෞඛ්‍යය නිසි පරිදි පවත්වා ගැනීමටත් උපකාරී
වෙනවා.
මුල් මාස හය
තුලදී මව්කිරි ඔබගේ දරුවාට හොඳම ආහාරය වන අතරේම ඔබේ දරුවාට ඔහුගේ පළමු මාස හය
තුළ අවශ්‍ය සියලුම පෝෂණය එහි අඩංගු වෙනවා. ඒ වගේම, ඔබ විසින් ඇතැම් රෝගාබාධවලට එරෙහිව වර්ධනය
කරගෙන ඇති ප්‍රතිශක්තිය මව්කිරි හරහා ඔබේ දරුවා ලබා ගන්නවා. වැදගත්ම දේ නම්,
මව්කිරි දීම මගින් ඔබ
සහ ඔබේ දරුවා අතර ඇති බැඳීම වැඩි දියුණු වීමයි. මව්කිරි දෙන මවට බොහෝ විට තම
ළදරුවන් කෙරෙහි දැඩි සමීප හැඟීමක් ඇති වෙනවා වගේම ළදරුවාටත් ඒ හැඟීම ඇති වෙනවා.
ඔබේ දරුවා
ඉපදුණු විගසම, ළදරුවාව ඔබේ
සිරුරට සමීප කරගෙන සිටීම මව්කිරි දීම ආරම්භ කිරීමට හොඳම ක්‍රමයකි. ‘මවගේ සිරුරට
ළදරුවාගේ සිරුර ස්පර්ශ වීමෙන්’ තවත් වාසි කිහිපයක් සිදු වේ:
- එය ළදරුවා උණුසුම්ව තබයි
- ළදරුවා සහ මව සන්සුන් කරයි
- ළදරුවාගේ හෘද ස්පන්දනය සහ හුස්ම ගැනීම නියමාකාරයෙන් පවත්වා ගනියි
- මව සහ ළදරුවා අතර බැඳීම සඳහා උපකාරී වේ
- මව්කිරි දීම සඳහා හොඳ ආරම්භයක් සපයයි
- ඉල්ලුම මත මව්කිරි දීම දිරිමත් කරයි
මව්කිරි
දීමෙන් දරුවාට ලැබෙන ප්‍රතිලාභ:
- සම්පූර්ණ පෝෂණය: ළදරුවන්ට පළමු මාස හය සඳහා අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ එහි අඩංගු වේ
- ආසාදන අවදානම අවම කරයි: කොලෙස්ට්‍රම්, උපතින් පසු ළදරුවා වෙනුවෙන් නිපදවෙන මුල්ම මව්කිරි ප්‍රතිදේහ වලින් ඉතා පොහොසත් වේ. මෙම ප්‍රතිදේහ දරුවාට ආසාදන (උදා: පාචනය සහ ශ්වසන ආසාදන) වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ. ඉපදුනු දා සිට මව්කිරි වලින් පෝෂණය වන ළදරුවන්ට අසාත්මිකතා, කොලික් තත්වය හා මලබද්ධය ඇතිවීමේ අවදානම අඩුය.
- ඔබේ දරුවා ඔබේ මව්කිරෙන් පෝෂණය වන විට ළදරුවාට ලැබෙන සුවපහසු බව සහ ආරක්ෂාව
මව්කිරි
දීමෙන් මවට ලැබෙන ප්‍රතිලාභ:
- පහසුව: කිරි බෝතල්, විෂබීජහරණ හරණය කරන උපකරණ, බෝතල් උණුසුම් කරන උපකරණ හෝ කිරි වල උෂ්ණත්ව පරීක්ෂාවක් අවශ්‍ය නොවේ. ආහාරයට පෙර ඔබේ තනපුඩු වතුරෙන් සේදීම පමණක් ප්‍රමාණවත් වේ
- පිරිවැය ඉතිරි කිරීම: මව්කිරි සඳහා මුදල් වැය නොවන අතර ළදරු පිටි කිරි සඳහා වියදම් වන මුදල ඉතිරි කරයි
- ගර්භාෂය හැකිලීම: මෙය සිදු වන්නේ දරුවා කිරි බොන විටය. ළදරුව කිරි ඉරීම මගින් මවට දරුණු රුධිර වහනයක් ඇතිවීමේ හැකියාව අඩු කරන අතර ගර්භනීභාවයට පෙර ප්‍රමාණයට නැවත ගර්භාෂය පැමිණීම වේගවත් කරයි.
- විශ්වාසය: මව්කිරි දීම ළදරුවාගේ මානසික හා ශාරීරික අවශ්‍යතා සපුරාලන විට එය මවගේ විශ්වාසය ගොඩනංවයි
- උපත් පාලනය: මව්කිරි දීමෙන් ඔසප් වීම නැවත ඇති වීම ප්‍රමාද වන අතර ඔබ ළදරුවාගේ පළමු මාස හය තුල මුළුමනින්ම මව්කිරි දුන්නොත් ඔබේ පවුල් සැළැස්ම සඳහා එය උපකාරී වේ.
- පිළිකා: මව්කිරි දීම සිදු කරන කාන්තාවන් තුළ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු වේ.
- මේද ප්‍රමාණය: මව්කිරි දීමේදී මේදය වැය වන අතර ගර්භණී සමයේදී උකුල් හා කලවා වටා ගබඩා කර ඇති මේදය ඉවත් වීමට ඉඩ ඇත. නමුත් මේ සඳහා මව් කිරේ දීමම ප්‍රමාණවත් නොවේ, ක්‍රමානුකූල ආහාර රටාවකුත් අනුගමනය කිරීම වැදගත්ය.
මව්කිරි වඩවන හොඳම ආහාර සහ පිළිවෙත් ගැන මම මුලින්ම විස්තර කරන්නට හිතුවා. මව්කිරි වඩවන ආහාර සහ පාන වර්ග මොනවාද කියලා අපි මුලින්ම බලමු.
2. පොලොස්
3. කරවිල
4. කෙසෙල් මුව
5. කිරි අඟුණ කොළ
6. කැරට්
7. කිරි මෝර මාළු
8. කොල්ලු
ආහාරයට ගත හැකි ක්‍රම:
• කොල්ලු ආනම
• කොල්ලු තම්බා ආහාරයට ගැනීම
• කොල්ලු පිටි වලින් රොටි හෝ තලප සාදා ගත හැකිය
• පරිප්පු වැනි ධාන්‍ය වර්ග සාදද්දී එයට කොල්ලු එකතු කල හැකියි
ආහාරයට ගත හැකි ක්‍රම:
•
කිරි හෝ වතුර සමග තම්බා ගත් හබල පෙති කැඳ
•
හබල පෙති වලින් සෑදූ අග්ගලා
•
කිරි වලට මිශ්‍ර කර ගත හැකි කුඩු කර ගත් හබල පෙති
•
පාන් වැනි පිටි කෑම වර්ග සාදා ගැනීමේදී කුඩු කර ගත් හබල
පෙති තිරිඟු පිටි සමග මිශ්‍ර කර ගත හැකියි
10. බාර්ලි
ආහාරයට ගත හැකි ක්‍රම:
•
බාර්ලි වතුර (බාර්ලි වතුරේ තම්බා පෙරා ගන්න)
•
කිරි සමග මිශ්‍ර කර ගත් බාර්ලි කුඩු
•
පාන් වැනි පිටි කෑම වර්ග සාදා ගැනීමේදී කුඩු කර ගත්
බාර්ලි තිරිඟු පිටි සමග මිශ්‍ර කර ගත හැකියි
•
සුප් වැනි ආහාර වර්ග සැදීමේදී බාර්ලි මිශ්‍ර කර ගත
හැකියි
ආහාරයට ගත හැකි ක්‍රම:
•
කුරක්කන් කැඳ
•
කුරක්කන් රොටි, ඉඳි ආප්ප හෝ තලප ආදිය සාදා ගත හැකිය
•
පාන් වැනි පිටි කෑම වර්ග සාදා ගැනීමේදී කුඩු කර ගත්
කුරක්කන් තිරිඟු පිටි සමග මිශ්‍ර කර ගත හැකියි
12. මාදුරු
ආහාරයට ගත හැකි ක්‍රම:
•
මාදුරු ව්‍යංජන වලට එකතු කිරීම
•
මාදුරු ටිකක් වතුරේ පොඟවා ඒ වතුර පානය කිරීම
•
මාදුරු වතුරේ තම්බා ඒ වතුර පානය කිරීම
13. උළු හාල්
ආහාරයට ගත හැකි ක්‍රම:
•
උළු හාල් ව්‍යංජන වලට එකතු කිරීම
•
උළු හාල් ටිකක් වතුර සමග ගිල දැමීම
•
උළු හාල් කුඩු ටිකක් වතුරට මිශ්‍ර කර පානය කිරීම
•
රෑ නින්දට යාමට පෙර උළු හාල් ටිකක් වතුරේ පොඟන්න තබා
පසුවදා උදේ ඒ වතුර පානය කිරීම
•
උළු හාල් වතුරේ තම්බා ඒ වතුර පානය කිරීම
ආහාරයට ගත හැකි ක්‍රම:
• හැකි තරම් සුදු ළූණු ව්‍යංජන වලට එකතු කිරීම
• පුළුස්සා හෝ කර කර ගත් සුදු ළූණු ආහාරයට ගැනීම
• කැබලි කර ගත් සුදු ළූණු වතුර සමග පානය කිරීම
• සුදු ළූණු තැම්බූ වතුර පානය කිරීම
15. කොත්තමල්ලි
ආහාරයට ගත හැකි ක්‍රම:
•
කොත්තමල්ලි ව්‍යංජන
වලට එකතු කිරීම
•
කොත්තමල්ලි ටිකක් වතුරේ පොඟවා ඒ වතුර පානය කිරීම
•
කොත්තමල්ලි වතුරේ තම්බා ඒ වතුර පානය කිරීම
17. නැවුම් දියර කිරි
18. යෝගට්
19. ඕට්ස්
ආහාරයට ගත හැකි ක්‍රම:
• කිරි සමග තම්බා ගත් ඕට්ස් කුඩු හෝ කැබලි ආහාරයට ගැනීම
• වතුර සමග තම්බා ගත් ඕට්ස් මී පැණි හෝ යෝගට් වැනි දෙයක් සමග ආහාරයට ගැනීම
• බිස්කට් වැනි පිටි කෑම වර්ග සාදා ගැනීමේදී කුඩු කර ගත් ඕට්ස් තිරිඟු පිටි
සමග මිශ්‍ර කර ගත හැකියි
•
සුප් වැනි ආහාර වර්ග සැදීමේදී ඕට්ස් මිශ්‍ර කර ගත හැකියි
20. ලැක්ටේෂන් කුකීස්
ආහාරයට ගත හැකි ක්‍රම:
• අතුරුපස වර්ග සැදීමේදී ෆ්ලැක්ස් ඇට එකතු කල හැකියි
• බිස්කට් හෝ බනිස් වර්ග සැදීමේදී ෆ්ලැක්ස් ඇට එකතු කල හැකියි
• රෑ නින්දට යාමට පෙර ෆ්ලැක්ස් ඇට ටිකක් සීතල වතුරේ පොඟන්න තබා පසුවදා උදේ එය
පානය කිරීම
22. චියා ඇට
ආහාරයට ගත හැකි ක්‍රම:
• අතුරුපස වර්ග සැදීමේදී චියා ඇට එකතු කල හැකියි
• බිස්කට් හෝ බනිස් වර්ග සැදීමේදී චියා ඇට එකතු කල හැකියි
• රෑ නින්දට යාමට පෙර චියා ඇට ටිකක් සීතල වතුරේ පොඟන්න තබා පසුවදා උදේ එය
පානය කිරීම
23. තල ඇට
ආහාරයට ගත හැකි ක්‍රම:
• අතුරුපස වර්ග සැදීමේදී තල ඇට එකතු කල හැකියි
• බිස්කට් හෝ බනිස් වර්ග සැදීමේදී තල ඇට එකතු කල හැකියි
ආහාරයට ගත හැකි ක්‍රම:
•
අමු හෝ කර කර ගත් ආමන්ඩ් ආහාරයට ගැනීම
•
ආමන්ඩ් කිරි පානය කිරීම
•
අතුරුපස හෝ සලාද වර්ග සැදීමේදී ආමන්ඩ් එකතු කල හැකියි
•
බිස්කට් හෝ බනිස් වර්ග සැදීමේදී ආමන්ඩ් එකතු කල හැකියි
25. බෘව(ර්)ස් යීස්ට්
ආහාරයට ගත හැකි ක්‍රම:
•
යෝගට් වැනි ආහාර සමග බෘව(ර්)ස් යීස්ට් අහාරයට ගැනීම
•
අතුරුපස වර්ග සැදීමේදී ගැලපෙන පරිදි බෘව(ර්)ස් යීස්ට්
එකතු කල හැකියි
•
බිස්කට් හෝ බනිස් වර්ග සැදීමේදී ගැලපෙන පරිදි බෘව(ර්)ස්
යීස්ට් එකතු කල හැකියි
26. මෝල්ටඩ් මිල්ක් පාන වර්ග
දැන් අපි බලමු,
සෞඛ්‍ය සම්පන්න ආහාර
සහ පාන වර්ග වලට අමතරව, මව්කිරි
සැපයුම වැඩි කිරීම සඳහා භාවිතා කළ හැකි අනෙක් ක්‍රම සහ පිළිවෙත් මොනවාද කියලා.
- දිගටම නොකඩවා දරුවාට කිරි දීම සිදු කරන්න. මව් කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමට හොඳම මාර්ගය නම් දරුවාට නොකඩවා කිරි උරා බීමට දීමයි
- දරුවාට කිරි දෙන වෙලාවල් අතර අවස්ථා වලදී බ්‍රෙස්ට් පම්ප් එකකින් කිරි දොවන්න. ඔබ වැඩි වැඩියෙන් දරුවාට කිරි බීමට දීම සහ කිරි දෙවීම මගින් ඔබේ ශරීරය වැඩි වැඩියෙන් මව් කිරි නිෂ්පාදනය කිරීමට පෙළඹේ. දොවන විට මව් කිරි නැති වුවත් දිගටම තවත් විනාඩි කිහිපයක් කිරි දෙවීම කරගෙන යන්න. එමගින් ඔබේ ශරීරයට තවත් මව් කිරි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බව දැනුම් දෙයි. මෙලෙස කිහිප දිනක් කිරීමෙන් මව් කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමට හැකියාවක් ලැබේ
- හැකිතාක් වතුර සහ දියර වර්ග පානය කිරීම
- මව් කිරි දීමට පෙර උණු වතුර හෝ උණුසුම් පානයක් (තේ හෝ කෝපි හැර) පානය කිරීම
- මෘදු ලෙස පියයුර සම්භාහනය කිරීම. දරුවාට මව් කිරි උරා බීමට දීමට පෙර හෝ කිරි දෙවීමට පෙර උණුසුම් රෙදි කඩකින් පියයුර සම්භාහනය කිරීම
- මව් කිරි ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනය වේ දැයි යන්න පිළිබඳව අනවශ්‍ය ලෙස සිතා මානසික පීඩනයක් ඇති කර ගන්නේ නැතිව සෑම විටම දරුවාට ඇති තරම් මව් කිරි තිබේ යයි යන ධනාත්මක මානසික තත්වයෙන් යුතුව සතුටින් පසු වෙමින් දරුවාට කිරි දීම
ඔබ මව්කිරි
දෙන මවක් නම්, මේ ආහාර සහ
පාන වර්ග ගැනීමෙන් සහ මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබේ කිරි සැපයුම වැඩි දියුණු කර
ගන්නට පුළුවන්.
පින්තූර: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)
වීඩියෝවේ සංගීතය: https://www.bensound.com
No comments:
Post a Comment