Showing posts with label මව්වරුන්ට වැදගත්. Show all posts
Showing posts with label මව්වරුන්ට වැදගත්. Show all posts

Thursday, August 15, 2019

ඉපදුනු දවසේ සිට මුල් වසර තුල ළදරුවෙක්ට අත්‍යාවශ්‍ය දෑ (2 කොටස) 



මේ ලිපිය සහ මගේ කලින් ලිපිය මඟින් අලුත ඉපදුනු දරුවෙක්ගේ පළමු වසර තුළ අවශ්‍ය බඩු භාණ්ඩ පිළිබඳ තොරතුරු සපයලා තිබෙනවා. ඒ ලැයිස්තුව සකස් කරන්න, මම මගේම අත්දැකීම් සහ මේ ආශ්‍රිතව සොයා බැලීම් කිරීම් වලින් පස්සේ රැස් කරගත් තොරතුරු භාවිතා කලා.

මේ බඩු භාණ්ඩ සමහරක් ඔයාලගේ දරුවා වෙනුවෙන් ගන්න ඕනි බඩු ලැයිස්තුවට ඇතුළත් කරන්නට හෝ නොකරන්නට ඔයාලට පුළුවන්. ඒ වගේම, මේ ලැයිස්තුවේ සඳහන් නොවෙන සමහර දේවල් ඔයාලට ඔයාලගේ බඩු ලැයිස්තුවට ඇතුළත් කරන්නට අවශ්‍ය වෙන්නත් පුළුවන්. 

ඔයාලට මේ ලිපි 2 පරීක්ෂා කරලා බලලා මේ ලිපි වල තියෙන විස්තර මත පදනම්ව ඔයාලගේම ළදරු භාණ්ඩ ලැයිස්තුවක් නිර්මාණය කර ගන්නට පුළුවන්. මේ ලිපි වල සඳහන් ලැයිස්තුවෙන් ඔයාලට අවශ්‍ය සහ අවශ්‍ය නොවන දේවල් මොනවාද කියලා තීරණය කරන්න. මේ ලැයිස්තුවේ සඳහන් නොවන තවත් බඩු භාණ්ඩ ඔයාලට අවශ්‍යද කියලා හිතල බලන්න. දරුවා බිහි කිරීමට පෙර සහ පසුව මිලදී ගත යුතු දේ තීරණය කරන්න. ඒ සියල්ලම සලකා බැලුවට පස්සේ ඔයාලගේ දරුවා සඳහා අවශ්‍ය බඩු ලැයිස්තුව සකස් කර ගන්න. 

මගේ පෙර ලිපියේඉපදුනු ළදරුවෙක්ගේ මුල් වසර සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ කාණ්ඩ 10 කට වර්ග කරලා තිබෙනවා. ඒ ලිපිය සහ ඊට අමුනලා තිබෙන වීඩියෝවෙන් පළමු කාණ්ඩ 4 ට ඇතුළත් කර ඇති ළදරු බඩු භාණ්ඩ ගැන පැහැදිලි කෙරෙනවා. මේ ලිපිය සහ මීට අමුණලා තියෙන වීඩියෝවෙන් මම ඉතිරි කාණ්ඩ 6 ට අදාළ ළදරු බඩු භාණ්ඩ ගැන පැහැදිලි කරනවා. ඒ ඉතිරි කාණ්ඩ 6 නම්:

1. ඔබේ දරුවා සෞඛ්‍ය ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍ය දේවල් 

  • කපු පුළුන්
  • වෙට් වයිප්ස් 
  • ළදරු ක්‍රීම් 
  • නැපි රෑෂ් වලට ආලේප කරන ක්‍රීම් 
  • උෂ්ණත්වමානයක් 
  • ළදරු නිය කපනයක් 
  • ළදරු පනාවක් 
  • ළදරු මුත්‍ර භාජනයක් (potty seat)
  • පළමු මාස ​​කිහිපය තුළ ළදරුවන්ගේ විදුරුමස් පිරිසිදු කිරීම සඳහා මස්ලින් රෙදි
  • දත් මතු වූ පසු මදින්න දත් ​​බුරුසුවක් 
  • දත් මතුවන කාලයේ හපන්නට භාවිතා කරන සෙල්ලම් බඩු
  • ප්‍රථමාධාර නිෂ්පාදන (උදා: පැනඩෝල් සිරප්, ග්‍රයිප් වෝටර්)
  • මදුරු විකර්ෂක ක්‍රීම් හෝ ස්ප්‍රේ 

2. දරුවාගේ රෙදි සේදීම සඳහා අවශ්ය දේවල් 

  • ළදරු ඩිටර්ජන්ට් හෝ සබන්
  • රෙදි මෘදුකාරකය (fabric softener)
  • කිළිටි රෙදි දමන්නට බෑග් හෝ බාල්දි
  • ඇඳුම් රාක්කයක් 



3. ඔබේ දරුවා සේදීමෙදී අවශ්‍ය දේවල් 

  • නාන බේසමක් 
  • ළදරු ෂැම්පූ සහ ඇඟට ගාන්නට දියර හෝ සබන්ළ
  • දරුවාගේ හිසට වතුර වත් කිරීමට කෝප්පයක්
  • ළදරුවා නාවන විට තැබීමට නාන ආධාරකයක් (bath support)



4. ඔබේ දරුවා සමඟ ගමන් බිමන් වල යෙදීමේදී අවශ්‍ය දේවල් 

  • ස්ට්‍රොලර් එකක් 
  • ස්ට්රෝලර් එකට විදුලි පංකාව
  • කාර් අසුනක් 
  • ළදරු බෑගයක් 
  • ළදරුවාගේ නැප්කින්ස් මාරු කිරීමේදී යටින් ඇතිරීමට මැට් එකක් 


5. ඔබේ දරුවා සමග විනෝදාත්මක හා ක්‍රියාශීලී වැඩ කටයුතු වල යෙදීමේදී අවශ්‍ය දේවල් 


  • කොට් මොබයිල් (කොට් එකට සවි කරන සින්දු සහිත කරකැවෙන උපකරණය)
  • පැද්දෙන පුටුවක් 
  • බිම සෙල්ලම් කරන විට දමන්නට මැට් එකක් සහ කොටුවක් 
  • සෙල්ලම් බඩු
  • පොත්



6. ඔබේ දරුවාගේ පළමු වසර තුළ අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ වෙනත් භාණ්ඩ


  • ළදරු ඇඳුම් තබා ගැනීම සඳහා ලාච්චු හෝ අල්මාරියක්
  • නැප්කින්ස් මාරු කිරීම සඳහා භාවිතා කරන මේසයක් (changing table)
  • ආරක්ෂිත ගේට්ටු
  • සෙල්ලම් බඩු සහ පොත් තබා ගැනීමට පෙට්ටි හෝ කබඩ්ළ
  • දරු මොනිටරයක් 
  • දෑත් වල විෂබීජ නසන සනීපාරක්ෂක දියරයක් 

ඔබේ දරුවාගේ පළමු වසර තුළ අවශ්‍ය කරන බඩු භාණ්ඩ පිළිබඳව අවසාන තීරණයක් ගැනීමට මෙම බ්ලොග් සටහන් 2 ඔබට උපකාරී වෙන්න ඇති  කියලා මම බලාපොරොත්තු වෙනවා.

මේ කාණ්ඩවලට ඇතුළත් කර ඇති බඩු භාණ්ඩ පින්තූර සමගින්ම ඉදිරිපත් කරලා තිබෙන ඔයාලට පහතින් බලන්නට පුළුවන්.





පින්තූර: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)
වීඩියෝවේ සංගීතය: https://www.bensound.com

Monday, August 12, 2019

ඉපදුනු දවසේ සිට මුල් වසර තුල ළදරුවෙක්ට අත්‍යාවශ්‍ය දෑ 


දරුවෙක් කුසේ පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා අම්මටයි තාත්තටයි ඕනි කරන්නේ තමන්ගේ දරුවට තමන්ට හැකි පමණින් සැප සම්පත් දීල හදන්න. තමන්ට දෙන්න පුළුවන් ඉස්තරම්ම දේවල් දෙන්න. ඉතින් දරුවෙක් පිළිසිඳ ගත්ත දවසේ ඉඳල අම්ම තාත්ත දෙන්න දරුවට ඕනි කරන දේවල් එකතු කරන්න ගන්නවා. හැබැයි සමහර වෙලාවට දෙමව්පියන්ට මෙහෙම හිතෙන්න පුළුවන්.

"ඕනි කියල හිතෙන බඩු නම් ඔක්කොම ගත්තා මම හිතන්නේ. ඒත් මට මොනවා හරි අමතක උනාද දන්නේ නැහැ."
"අනේ මන්ද මට හරියටම බබාට ඕනි බඩු මොනවද කියල හිතා ගන්න බැහැනේ."
"කවුරු හරි බබෙක් හම්බ  වෙච්ච මගේ යාලුවෙක්ගෙන් එයාගේ බබාට ගත්ත බඩු ලිස්ට් එක ඉල්ලා ගන්න ඕනි. එතකොට හැම දේම පිළිවෙලකට ගන්න පුළුවනි නේ."

ඔයාලට නැත්නම් ඔයාලගේ යාලුවෙක්ට මෙහෙම ඉපදෙන්න ඉන්න දරුවට ඕනි කරන බඩු මුට්ටු ටික එකතු කර ගන්න ගිහින් මේ වගේ දේවල් හිතිලා තියෙනවා නම්, මේ ලිපිය ඔයාලට වැදගත් වේවි. මොකද මේ ලිපියේ සහ මේකට අමුණලා තියෙන වීඩියෝ එකේ අලුත උපන් බිළිඳකුට ඉපදුනු දවසේ සිට ඔහුගේ / ඇයගේ මුල් වසර තුළ අවශ්‍ය බඩු භාණ්ඩ පිළිබඳව විස්තර පින්තූර සහිතවම ඇතුලත් වෙනවා.

මේ බ්ලොග් අඩවියේ මුල්ම ලිපිය තමයි මේ. ඉතින් සොඳුරු මව් පදවිය බ්ලොග් එකට ආපු ඔබ සියලු දෙනාම ආදරයෙන් පිලි ගන්නවා.

අලුත උපන් බිළිඳකුට ඉපදුනු දවසේ සිට මුල් වසර තුළ අවශ්‍ය බඩු භාණ්ඩ පහලින් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේ ලැයිස්තුවේ තිබෙන සේරම දේවල් හැම කෙනෙක්ටම අත්‍යාවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මේ ලැයිස්තුව බලලා, ඔයාලගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් තෝරා ගන්නට පුළුවන්. උදාහරණයක් විදිහට, ඔයාලට ඔයාලගේ දරුවා එක්කම නිදා ගන්න අවශ්‍ය නම්, ඔයාලගේ දරුවා තොටිල්ලක නිදි කරවන්න අකමැති නම්, ඔයාලට තොටිල්ලක් මිලදී ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දා, මගේ ලැයිස්තුවට තොටිල්ල ඇතුළත් කරල තිබුනා උනත්, ඔයාලට එක ඔයාලගේ ලැයිස්තුවෙන් ඉවත් කරන්න පුළුවන්.  

ඒ වගේම, ඔයාලගේ දරුවා ඉපදීමට පෙර සියලුම ළදරු භාණ්ඩ මිලදී ගැනීම අත්‍යාවශ්‍ය වෙන්නෙත් නැහැ. උදාහරණයක් විදිහට, මේ ලැයිස්තුවේ ඇතුලත්ව තිබෙන, ළදරුවාට ඝන ආහාර පටන් ගන්නා විට භාවිතා කිරීමට අවශ්‍ය කරන භාණ්ඩ මිලදී ගැනීම අවශ්‍ය වන්නේ ඔයාලගේ ළදරුවා ඝන ආහාර ආරම්භ කරාට පස්සෙයි. ළදරුවන් ඝන ආහාර ගැනීම ආරම්භ කරන්නේ මාස 6 සිටයි. ඒ නිසා, ඔයාලගේ දරුවා ඉපදීමට පෙර ඒ භාණ්ඩ මිලදී ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලගේ දරුවා ඉපදීමෙන් පසුව පවා ඔයාලට ඒ භාණ්ඩ මිලදී ගන්නට පුළුවන්. මුලින්ම, මේ ලැයිස්තුව පරීක්ෂා කරලා, ඔයාලගේ දරුවා බිහි කිරීමට පෙර සහ පසු මිලදී ගත යුතු දේ තීරණය කරන්න. එත් එක්කම ඔයාලට මේ ලැයිස්තුවෙන් අවශ්‍ය සහ අවශ්‍ය නොවන භාණ්ඩ මොනවාද කියලත් තීරණය කරන්න.

ඔයාලගේ දරුවාගේ මුල් වසර තුළ ළදරු බඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා, මෙම ලැයිස්තුවට විවිධ ළදරු බඩු භාණ්ඩ රාශියක් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින්, එම සියලු දේවල් විවිධ කාණ්ඩ 10කට වර්ග කරලයි දක්වලා තියෙන්නේ. පහල දැක්වෙන්නේ ඒ කාණ්ඩ දහය.
  1. ළදරු ඇඳුම් සහ වෙනත් අවශ්‍ය කරන රෙදි පිලි 
  2. ඔබේ දරුවා නිදාගැනීමේදී අවශ්‍ය දේවල් 
  3. මව්කිරි දීමේදී හෝ ළදරු පිටි කිරිමේදී අවශ්‍ය දේවල් 
  4. ඝන ආහාර ආරම්භ කිරීමෙන් පසු අවශ්‍ය දේවල් 
  5. ඔබේ දරුවා සෞඛ්‍ය ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍ය දේවල් 
  6. දරුවාගේ රෙදි සේදීම සඳහා අවශ්ය දේවල් 
  7. ඔබේ දරුවා සේදීමෙදී අවශ්‍ය දේවල් 
  8. ඔබේ දරුවා සමඟ ගමන් බිමන් වල යෙදීමේදී අවශ්‍ය දේවල් 
  9. ඔබේ දරුවා සමග විනෝදාත්මක හා ක්‍රියාශීලී වැඩ කටයුතු වල යෙදීමේදී අවශ්‍ය දේවල් 
  10. ඔබේ දරුවාගේ පළමු වසර තුළ අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ වෙනත් භාණ්ඩ
මේ ලිපියෙන් සහ මේකට අමුනලා තියෙන වීඩියෝ එකෙන් මම කතා කරන්නට යන්නේ එම කාණ්ඩ වලින් මුල් කාණ්ඩ 4 ගැන. අපි දැන් බලමු ඒ මුල් කාණ්ඩ හතරට අයිති වන බඩු භාණ්ඩ මොනවාද කියලා.

1. ළදරු ඇඳුම් සහ වෙනත් අවශ්‍ය කරන රෙදි පිලි 
  • ළදරු නැප්කින්ස් (18 x 18 cm, 22 x 22cm , වඩා විශාල නැප්කින්ස් 32 x 32cm)
  • රෙදි වලින් සැදූ ඩයපර්ස් 
  • රෙදි ඩයපර්ස් ඇතුලට දමන ඉන්සර්ට්ස් 
  • භාවිතා කර ඉවත දමන ඩයපර්ස් 
  • මස්ලින් හෝ පැනල් රෙදි 
  • බබාව එතීමට බ්ලැන්කට්
  • ආරක්ෂිත කටු 
  • ළදරු තුවා
  • ළදරු ගවුම්, බැනියම් සහ ටී ෂර්ට්
  • දිග සහ කොට කලිසම්
  • වන් පීස් / වන්සී ඇඳුම් 
  • රෑට අන්දවන්නට ඇඳුම් හෝ පිජාමා
  • මේස්, සපත්තු සහ මිටන්ස් 
  • තොප්පි සහ බිබ්
  • මැකින්ටොෂ් හෝ රබර් ශීට් 
2. ඔබේ දරුවා නිදාගැනීමේදී අවශ්‍ය දේවල් 
  • පැසිෆියර්
  • කොට්ට (සෘජුකෝණාස්රාකාර කොට්ට සහ රවුම් කොට්ට)
  • ඇඳ / කොට් එක සඳහා ජලය උරන්නේ නැති මෙට්ට ආවරණයක්
  • ළදරු මදුරු දැලක් 
  • තොටිල්ලක් සහ එයට මෙට්ටයක් 
  • රාත්‍රියට දැල්වීමට අඩු ආලෝකය සහිත විදුලි බුබුලක් 
  • ඇඳ සඳහා බෙඩ් රේල් (ඇඳ වටේට සවි කිරීමට බාධක)
  • තොටිල්ල සඳහා කොට් බම්පර්ස් 
3. මව්කිරි දීමේදී හෝ ළදරු පිටි කිරිමේදී අවශ්‍ය දේවල් 
  • ළදරුවාට කිරි දීම පහසු කරවන කොට්ටයක් (nursing pillow) 
  • බෝතල් සහ සූප්පු 
  • බෝතල් උණුසුම් කරන උපකරණයක් (bottle warmer)
  • විෂබීජහරණය කරන උපකරණයක් (sterilizer)
  • මව් කිරි දොවන උපකරණයක් 
  • මව්කිරි ගබඩා කිරීමට කුඩා බෑග් (breast milk storage bags) හෝ බෝතල්
  • ළදරුවාගේ කිරි බෝතල් උණුසුම්ව තබා ගැනීමට බෑගයක් 
  • ළදරු කිරි පිටි 
  • උණු වතුර බෝතලයක් 
  • බෝතල් සේදීමට පාවිච්චි කරන බුරුසුවක් 
4. ඝන ආහාර ආරම්භ කිරීමෙන් පසු අවශ්‍ය දේවල් 
  • ළදරුවාට කෑම කවන්නට වෙනම පුටුවක් 
  • ළදරු කෑම සකසන්නට භාජන 
  • පිඟානක් සහ හැන්දක් 
  • හැන්දක් සවි කර ඇති බෝතලයක්  
  • වතුර පොවන්නට බෝතල් (sippy cup සහ straw cup)
  • කපන ලෑල්ලක් සහ පිහියක් 
  • සුදුළූණු චොප් කරන උපකරණය (garlic chopper) (ළදරු ආහාර කුඩාවට පොඩි කර ගැනීමට ඔබට මෙය භාවිතා කළ හැකිය)
  • ළදරුවාගේ ආහාර (උදා: සීරියල්) ගබඩා කිරීම සඳහා කුඩා බඳුන් 
  • ළදරු ආහාර පිසීමට උපකරණ 
ඊළඟ කාණ්ඩ හය තුළ ඉදිරිපත් කරන්නට තවත් බොහෝ දේ ඉතිරි වෙලා තිබෙනවා. මෙම ලිපිය දැනටමත් දිගු නිසා, මම මෙම ලිපියේ ඊළඟ කාණ්ඩ කීපය ගැන සාකච්ඡා කිරීමට යන්නේ නැහැ. එම කාණ්ඩ හයේ බඩු භාණ්ඩ පිළිබඳව මගේ ඊළඟ ලිපියෙන් බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතිරි ළදරු බඩු භාණ්ඩ පිළිබඳව විස්තර දැන ගැනීම සඳහා කරුණාකර එම ලිපිය බලන්න.
මේ කාණ්ඩවලට ඇතුළත් කරලා තියෙන බඩු භාණ්ඩ පින්තූර එක්කම ඉදිරිපත් කරලා තියෙන  වීඩියෝව ඔයාලට පහතින් බලන්නට පුළුවන්.









පින්තූර: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)
වීඩියෝවේ සංගීතය: https://www.bensound.com