Thursday, August 15, 2019

ඉපදුනු දවසේ සිට මුල් වසර තුල ළදරුවෙක්ට අත්‍යාවශ්‍ය දෑ (2 කොටස) 



මේ ලිපිය සහ මගේ කලින් ලිපිය මඟින් අලුත ඉපදුනු දරුවෙක්ගේ පළමු වසර තුළ අවශ්‍ය බඩු භාණ්ඩ පිළිබඳ තොරතුරු සපයලා තිබෙනවා. ඒ ලැයිස්තුව සකස් කරන්න, මම මගේම අත්දැකීම් සහ මේ ආශ්‍රිතව සොයා බැලීම් කිරීම් වලින් පස්සේ රැස් කරගත් තොරතුරු භාවිතා කලා.

මේ බඩු භාණ්ඩ සමහරක් ඔයාලගේ දරුවා වෙනුවෙන් ගන්න ඕනි බඩු ලැයිස්තුවට ඇතුළත් කරන්නට හෝ නොකරන්නට ඔයාලට පුළුවන්. ඒ වගේම, මේ ලැයිස්තුවේ සඳහන් නොවෙන සමහර දේවල් ඔයාලට ඔයාලගේ බඩු ලැයිස්තුවට ඇතුළත් කරන්නට අවශ්‍ය වෙන්නත් පුළුවන්. 

ඔයාලට මේ ලිපි 2 පරීක්ෂා කරලා බලලා මේ ලිපි වල තියෙන විස්තර මත පදනම්ව ඔයාලගේම ළදරු භාණ්ඩ ලැයිස්තුවක් නිර්මාණය කර ගන්නට පුළුවන්. මේ ලිපි වල සඳහන් ලැයිස්තුවෙන් ඔයාලට අවශ්‍ය සහ අවශ්‍ය නොවන දේවල් මොනවාද කියලා තීරණය කරන්න. මේ ලැයිස්තුවේ සඳහන් නොවන තවත් බඩු භාණ්ඩ ඔයාලට අවශ්‍යද කියලා හිතල බලන්න. දරුවා බිහි කිරීමට පෙර සහ පසුව මිලදී ගත යුතු දේ තීරණය කරන්න. ඒ සියල්ලම සලකා බැලුවට පස්සේ ඔයාලගේ දරුවා සඳහා අවශ්‍ය බඩු ලැයිස්තුව සකස් කර ගන්න. 

මගේ පෙර ලිපියේඉපදුනු ළදරුවෙක්ගේ මුල් වසර සඳහා අවශ්‍ය බඩු භාණ්ඩ කාණ්ඩ 10 කට වර්ග කරලා තිබෙනවා. ඒ ලිපිය සහ ඊට අමුනලා තිබෙන වීඩියෝවෙන් පළමු කාණ්ඩ 4 ට ඇතුළත් කර ඇති ළදරු බඩු භාණ්ඩ ගැන පැහැදිලි කෙරෙනවා. මේ ලිපිය සහ මීට අමුණලා තියෙන වීඩියෝවෙන් මම ඉතිරි කාණ්ඩ 6 ට අදාළ ළදරු බඩු භාණ්ඩ ගැන පැහැදිලි කරනවා. ඒ ඉතිරි කාණ්ඩ 6 නම්:

1. ඔබේ දරුවා සෞඛ්‍ය ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍ය දේවල් 

  • කපු පුළුන්
  • වෙට් වයිප්ස් 
  • ළදරු ක්‍රීම් 
  • නැපි රෑෂ් වලට ආලේප කරන ක්‍රීම් 
  • උෂ්ණත්වමානයක් 
  • ළදරු නිය කපනයක් 
  • ළදරු පනාවක් 
  • ළදරු මුත්‍ර භාජනයක් (potty seat)
  • පළමු මාස ​​කිහිපය තුළ ළදරුවන්ගේ විදුරුමස් පිරිසිදු කිරීම සඳහා මස්ලින් රෙදි
  • දත් මතු වූ පසු මදින්න දත් ​​බුරුසුවක් 
  • දත් මතුවන කාලයේ හපන්නට භාවිතා කරන සෙල්ලම් බඩු
  • ප්‍රථමාධාර නිෂ්පාදන (උදා: පැනඩෝල් සිරප්, ග්‍රයිප් වෝටර්)
  • මදුරු විකර්ෂක ක්‍රීම් හෝ ස්ප්‍රේ 

2. දරුවාගේ රෙදි සේදීම සඳහා අවශ්ය දේවල් 

  • ළදරු ඩිටර්ජන්ට් හෝ සබන්
  • රෙදි මෘදුකාරකය (fabric softener)
  • කිළිටි රෙදි දමන්නට බෑග් හෝ බාල්දි
  • ඇඳුම් රාක්කයක් 



3. ඔබේ දරුවා සේදීමෙදී අවශ්‍ය දේවල් 

  • නාන බේසමක් 
  • ළදරු ෂැම්පූ සහ ඇඟට ගාන්නට දියර හෝ සබන්ළ
  • දරුවාගේ හිසට වතුර වත් කිරීමට කෝප්පයක්
  • ළදරුවා නාවන විට තැබීමට නාන ආධාරකයක් (bath support)



4. ඔබේ දරුවා සමඟ ගමන් බිමන් වල යෙදීමේදී අවශ්‍ය දේවල් 

  • ස්ට්‍රොලර් එකක් 
  • ස්ට්රෝලර් එකට විදුලි පංකාව
  • කාර් අසුනක් 
  • ළදරු බෑගයක් 
  • ළදරුවාගේ නැප්කින්ස් මාරු කිරීමේදී යටින් ඇතිරීමට මැට් එකක් 


5. ඔබේ දරුවා සමග විනෝදාත්මක හා ක්‍රියාශීලී වැඩ කටයුතු වල යෙදීමේදී අවශ්‍ය දේවල් 


  • කොට් මොබයිල් (කොට් එකට සවි කරන සින්දු සහිත කරකැවෙන උපකරණය)
  • පැද්දෙන පුටුවක් 
  • බිම සෙල්ලම් කරන විට දමන්නට මැට් එකක් සහ කොටුවක් 
  • සෙල්ලම් බඩු
  • පොත්



6. ඔබේ දරුවාගේ පළමු වසර තුළ අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ වෙනත් භාණ්ඩ


  • ළදරු ඇඳුම් තබා ගැනීම සඳහා ලාච්චු හෝ අල්මාරියක්
  • නැප්කින්ස් මාරු කිරීම සඳහා භාවිතා කරන මේසයක් (changing table)
  • ආරක්ෂිත ගේට්ටු
  • සෙල්ලම් බඩු සහ පොත් තබා ගැනීමට පෙට්ටි හෝ කබඩ්ළ
  • දරු මොනිටරයක් 
  • දෑත් වල විෂබීජ නසන සනීපාරක්ෂක දියරයක් 

ඔබේ දරුවාගේ පළමු වසර තුළ අවශ්‍ය කරන බඩු භාණ්ඩ පිළිබඳව අවසාන තීරණයක් ගැනීමට මෙම බ්ලොග් සටහන් 2 ඔබට උපකාරී වෙන්න ඇති  කියලා මම බලාපොරොත්තු වෙනවා.

මේ කාණ්ඩවලට ඇතුළත් කර ඇති බඩු භාණ්ඩ පින්තූර සමගින්ම ඉදිරිපත් කරලා තිබෙන ඔයාලට පහතින් බලන්නට පුළුවන්.





පින්තූර: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)
වීඩියෝවේ සංගීතය: https://www.bensound.com

No comments:

Post a Comment