ඉපදුනු දවසේ සිට මුල් වසර තුල ළදරුවෙක්ට අත්‍යාවශ්‍ය දෑ
දරුවෙක් කුසේ පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා අම්මටයි තාත්තටයි ඕනි කරන්නේ තමන්ගේ දරුවට තමන්ට හැකි පමණින් සැප සම්පත් දීල හදන්න. තමන්ට දෙන්න පුළුවන් ඉස්තරම්ම දේවල් දෙන්න. ඉතින් දරුවෙක් පිළිසිඳ ගත්ත දවසේ ඉඳල අම්ම තාත්ත දෙන්න දරුවට ඕනි කරන දේවල් එකතු කරන්න ගන්නවා. හැබැයි සමහර වෙලාවට දෙමව්පියන්ට මෙහෙම හිතෙන්න පුළුවන්.
"ඕනි කියල හිතෙන බඩු නම් ඔක්කොම ගත්තා මම හිතන්නේ. ඒත් මට මොනවා හරි අමතක උනාද දන්නේ නැහැ."
"අනේ මන්ද මට හරියටම බබාට ඕනි බඩු මොනවද කියල හිතා ගන්න බැහැනේ."
"කවුරු හරි බබෙක් හම්බ වෙච්ච මගේ යාලුවෙක්ගෙන් එයාගේ බබාට ගත්ත බඩු ලිස්ට් එක ඉල්ලා ගන්න ඕනි. එතකොට හැම දේම පිළිවෙලකට ගන්න පුළුවනි නේ."
ඔයාලට නැත්නම් ඔයාලගේ යාලුවෙක්ට මෙහෙම ඉපදෙන්න ඉන්න දරුවට ඕනි කරන බඩු මුට්ටු ටික එකතු කර ගන්න ගිහින් මේ වගේ දේවල් හිතිලා තියෙනවා නම්, මේ ලිපිය ඔයාලට වැදගත් වේවි. මොකද මේ ලිපියේ සහ මේකට අමුණලා තියෙන වීඩියෝ එකේ අලුත උපන් බිළිඳකුට ඉපදුනු දවසේ සිට ඔහුගේ / ඇයගේ මුල් වසර තුළ අවශ්‍ය බඩු භාණ්ඩ පිළිබඳව විස්තර පින්තූර සහිතවම ඇතුලත් වෙනවා.
මේ බ්ලොග් අඩවියේ මුල්ම ලිපිය තමයි මේ. ඉතින් සොඳුරු මව් පදවිය බ්ලොග් එකට ආපු ඔබ සියලු දෙනාම ආදරයෙන් පිලි ගන්නවා.

අලුත උපන් බිළිඳකුට ඉපදුනු දවසේ සිට මුල් වසර තුළ අවශ්‍ය බඩු භාණ්ඩ පහලින් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේ ලැයිස්තුවේ තිබෙන සේරම දේවල් හැම කෙනෙක්ටම අත්‍යාවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මේ ලැයිස්තුව බලලා, ඔයාලගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් තෝරා ගන්නට පුළුවන්. උදාහරණයක් විදිහට, ඔයාලට ඔයාලගේ දරුවා එක්කම නිදා ගන්න අවශ්‍ය නම්, ඔයාලගේ දරුවා තොටිල්ලක නිදි කරවන්න අකමැති නම්, ඔයාලට තොටිල්ලක් මිලදී ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දා, මගේ ලැයිස්තුවට තොටිල්ල ඇතුළත් කරල තිබුනා උනත්, ඔයාලට එක ඔයාලගේ ලැයිස්තුවෙන් ඉවත් කරන්න පුළුවන්.
ඔයාලගේ දරුවාගේ මුල් වසර තුළ
ළදරු බඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා, මෙම
ලැයිස්තුවට විවිධ ළදරු බඩු භාණ්ඩ රාශියක් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින්, එම සියලු
දේවල් විවිධ කාණ්ඩ 10කට වර්ග කරලයි දක්වලා තියෙන්නේ. පහල දැක්වෙන්නේ ඒ කාණ්ඩ දහය.
- ළදරු ඇඳුම් සහ වෙනත් අවශ්‍ය කරන රෙදි පිලි
- ඔබේ දරුවා නිදාගැනීමේදී අවශ්‍ය දේවල්
- මව්කිරි දීමේදී හෝ ළදරු පිටි කිරිමේදී අවශ්‍ය දේවල්
- ඝන ආහාර ආරම්භ කිරීමෙන් පසු අවශ්‍ය දේවල්
- ඔබේ දරුවා සෞඛ්‍ය ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍ය දේවල්
- දරුවාගේ රෙදි සේදීම සඳහා අවශ්ය දේවල්
- ඔබේ දරුවා සේදීමෙදී අවශ්‍ය දේවල්
- ඔබේ දරුවා සමඟ ගමන් බිමන් වල යෙදීමේදී අවශ්‍ය දේවල්
- ඔබේ දරුවා සමග විනෝදාත්මක හා ක්‍රියාශීලී වැඩ කටයුතු වල යෙදීමේදී අවශ්‍ය දේවල්
- ඔබේ දරුවාගේ පළමු වසර තුළ අවශ්‍ය ගෘහ භාණ්ඩ සහ වෙනත් භාණ්ඩ
මේ ලිපියෙන් සහ මේකට අමුනලා
තියෙන වීඩියෝ එකෙන් මම කතා කරන්නට යන්නේ එම කාණ්ඩ වලින් මුල් කාණ්ඩ 4 ගැන. අපි
දැන් බලමු ඒ මුල් කාණ්ඩ හතරට අයිති වන බඩු භාණ්ඩ මොනවාද කියලා.
- ළදරු නැප්කින්ස් (18 x 18 cm, 22 x 22cm , වඩා විශාල නැප්කින්ස් 32 x 32cm)
- රෙදි වලින් සැදූ ඩයපර්ස්
- රෙදි ඩයපර්ස් ඇතුලට දමන
ඉන්සර්ට්ස්
- භාවිතා කර ඉවත දමන ඩයපර්ස්
- මස්ලින් හෝ පැනල් රෙදි
- බබාව එතීමට බ්ලැන්කට්
- ආරක්ෂිත කටු
- ළදරු තුවා
- ළදරු ගවුම්, බැනියම් සහ ටී ෂර්ට්
- දිග සහ කොට කලිසම්
- වන් පීස් / වන්සී ඇඳුම්
- රෑට අන්දවන්නට ඇඳුම් හෝ පිජාමා
- මේස්, සපත්තු සහ මිටන්ස්
- තොප්පි සහ බිබ්
- මැකින්ටොෂ් හෝ රබර් ශීට්
- පැසිෆියර්
- කොට්ට (සෘජුකෝණාස්රාකාර කොට්ට සහ
රවුම් කොට්ට)
- ඇඳ / කොට් එක සඳහා ජලය උරන්නේ
නැති මෙට්ට ආවරණයක්
- ළදරු මදුරු දැලක්
- තොටිල්ලක් සහ එයට මෙට්ටයක්
- රාත්‍රියට දැල්වීමට අඩු ආලෝකය
සහිත විදුලි බුබුලක්
- ඇඳ සඳහා බෙඩ් රේල් (ඇඳ වටේට සවි
කිරීමට බාධක)
- තොටිල්ල සඳහා කොට් බම්පර්ස්
- ළදරුවාට කිරි දීම පහසු කරවන
කොට්ටයක් (nursing pillow)
- බෝතල් සහ සූප්පු
- බෝතල් උණුසුම් කරන උපකරණයක් (bottle warmer)
- විෂබීජහරණය කරන උපකරණයක් (sterilizer)
- මව් කිරි දොවන උපකරණයක්
- මව්කිරි ගබඩා කිරීමට කුඩා බෑග් (breast milk storage bags) හෝ බෝතල්
- ළදරුවාගේ කිරි බෝතල් උණුසුම්ව තබා
ගැනීමට බෑගයක්
- ළදරු කිරි පිටි
- උණු වතුර බෝතලයක්
- බෝතල් සේදීමට පාවිච්චි කරන
බුරුසුවක්
- ළදරුවාට කෑම කවන්නට වෙනම පුටුවක්
- ළදරු කෑම සකසන්නට භාජන
- පිඟානක් සහ හැන්දක්
- හැන්දක් සවි කර ඇති බෝතලයක්
- වතුර පොවන්නට බෝතල් (sippy cup සහ straw
cup)
- කපන ලෑල්ලක් සහ පිහියක්
- සුදුළූණු චොප් කරන උපකරණය (garlic chopper) (ළදරු ආහාර කුඩාවට පොඩි කර ගැනීමට ඔබට මෙය
භාවිතා කළ හැකිය)
- ළදරුවාගේ ආහාර (උදා: සීරියල්)
ගබඩා කිරීම සඳහා කුඩා බඳුන්
- ළදරු ආහාර පිසීමට උපකරණ
මේ කාණ්ඩවලට ඇතුළත් කරලා තියෙන බඩු භාණ්ඩ පින්තූර එක්කම ඉදිරිපත් කරලා තියෙන වීඩියෝව ඔයාලට පහතින් බලන්නට පුළුවන්.
පින්තූර: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)
වීඩියෝවේ සංගීතය: https://www.bensound.com
වීඩියෝවේ සංගීතය: https://www.bensound.com
No comments:
Post a Comment