තැලසීමියා රෝගය
"ඔයාල ලඟදි කසාද බඳින්න නේද ඉන්නේ? ඉතින් තැලසීමියා ටෙස්ට් කර ගන්න ගියාද ඔය දෙන්නා?"
"නැහැ අනේ, ඇත්තටම මොකක්ද තැලසීමියා කියන්නේ? මොකක්ද ඒක ටෙස්ට් කරන එකෙන් තියෙන ප්‍රයෝජනේ?"
"කසාද බඳින්න කලින්ද තැලසීමියා ටෙස්ට් කර ගන්න ඕනි?"
"මමත් දන්නේ නැහැ, ලඟදි කසාද බැඳපු යාලුවෙක් නම් එයාල ටෙස්ට් කර ගත්තා කිව්වා. ඒකයි ඇහුවේ."
ඔයාලටත් මේ වගේ ප්‍රශ්න තියෙනවද? ඔයාල කසාද බැඳපු ජෝඩුවක් නම් මේ තැලසීමියා පරීක්ෂණය කර ගත්තාද? කසාද බඳින්න ඉන්න ජෝඩුවක් නම් මේ පරීක්ෂණය කර ගන්නට හිතුවාද?
ඇත්තටම මොකක්ද තැලසීමියා කියන්නේ? මොකක්ද ඒක පරීක්ෂා කරන එකෙන් තියෙන ප්‍රයෝජනය? මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක ගොඩක්ම වැදගත්. මේ දේවල් පිළිබඳව ඔයාල දැනුවත් නැත්නම් මේ ලිපිය ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
තැලසීමියා කියන්නේ විකෘති ජානයක් නිසා රුධිරයේ ඇති වන රුධිර රෝග තත්වයක්. තැලසීමියා රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුට රුධිරයේ සාමාන්‍ය හිමොග්ලොබින් නිපදවීමට හැකියාවක් නැහැ. හිමොග්ලොබින් රුධිරයේ ඇති ඔක්සිජන් පෙණහලුවල සිට ශරීරයේ සියලුම කොටස් වෙත ගෙන යාම සිදු කරනවා. ශරීරයට සාමාන්‍ය පරිදි හිමොග්ලොබින් නිපදවීමට නොහැකි වූ විට, එහි ප්‍රතිපලයක් වශයෙන් ඇති වන හිමොග්ලොබින් මඳ භාවය රක්තහීනතාවයට හේතු වෙනවා.

තැලසීමියා රෝගය දෙමව්පියන්ගේ සිට දරුවන් වෙත ප්‍රවේණිගත ලෙස සම්ප්‍රේෂණය වන අතර එය පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවයටම බලපායි.
තැලසීමියා රෝගය දෙආකාරයකි
- සුළු තැලසීමියාව (Thalassaemia minor)
- මහා තැලසීමියාව (Thalassaemia major)
එක් තැලසීමියා ජානයක් උරුම කරගත් පුද්ගලයෙකුට සුළු තැලසීමියාව ඇති බව කියනු ලබනවා. ඔහු හෝ ඇය සෞඛ්‍ය සම්පන්න වන අතර සාමාන්‍ය ජීවිතයක් ගත කරයි. සුළු තැලසීමියා රෝගයෙන් පෙළෙන බොහෝ අය තමන්ට එවැනි තත්වයක් ඇති බව නොදනී. ඒ කොහොම වෙතත්, සුළු තැලසීමියාව ඇති පුද්ගලයෙක්ට මෙම අසාමාන්‍ය ජානය තම දරුවන්ට ලබා දෙන්නට හැකියි.
මහා තැලසීමියාව යනු රක්තහීනතාවයේ දරුණු ආකාරයකි. බලපෑමට ලක්වූ පුද්ගලයාට මව සහ පියා යන දෙදෙනාගෙන්ම තැලසීමියා ජාන දෙකක් උරුම වී ඇත. ඔහු හෝ ඇය උපතේදී සාමාන්‍ය ස්වභාවයක් පෙන්වුවත් වසර 1-2 ක් ඇතුළත දරුණු රක්තහීනතාවයෙන් පෙළෙන්නට පටන් ගන්නා අතර එය එම දරුවාගේ දුර්වල වර්ධනයට මෙන්ම කෙටි ආයු කාලයක් සඳහාද හේතු වේ.
බලපෑමට ලක්වූ පුද්ගලයාට ජීවිතය පවත්වා ගැනීම සඳහා සෑම මසකම රුධිර පාරවිලයනය සිදු කිරීම අවශ්‍ය වේ. වර්තමානයේ, අස්ථි ඇටමිදුළු බද්ධ කිරීම මහා තැලසීමියාව සුව කළ හැකි එකම ආකාරයයි.
තැලසීමියාව දෙමව්පියන්ගෙන් දරුවන්ට උරුම වන්නේ මෙසේයි
- මවට හෝ පියාට පමණක් සුළු තැලසීමියා තත්වය ඇත්නම්, පහත සඳහන් ලෙස තැලසීමියාව දෙමව්පියන්ගෙන් දරුවන්ට උරුම විය හැකිය:
- සුළු තැලසීමියාව සහිත දරුවෙකු ලැබීමට 50% ක අවස්ථාවක් ඇත
- සාමාන්‍ය දරුවෙකු ලැබීමට 50% ක අවස්ථාවක් ඇත
- මෙම යුවළගේ දරුවන්ගෙන් කිසිවෙකුට මහා තැලසීමියාව ඇති නොවේ
- මව හා පියා යන දෙදෙනාම සුළු තැලසීමියා රෝගයෙන් පෙළෙන අය නම්, පහත සඳහන් ලෙස තැලසීමියාව දෙමව්පියන්ගෙන් දරුවන්ට උරුම විය හැකිය:
- මහා තැලසීමියාව සහිත දරුවෙකු ලැබීමට 25% ක අවස්ථාවක් ඇත
- සුළු තැලසීමියාව සහිත දරුවෙකු ලැබීමට 50% ක අවස්ථාවක් ඇත
- සාමාන්‍ය දරුවෙකු ලැබීමට 25% ක අවස්ථාවක් ඇත
යුවලකට කොපමණ දරුවන් සංඛ්‍යාවක් සිටියත් තැලසීමියාව උරුම වීමේ ඉහත සඳහන් කර ඇති සම්භාවිතාවයන් වෙනස් නොවේ.
තැලසීමියා පරීක්ෂාව කර ගත යුත්තේ කවුද?
තැලසීමියාව එක පරම්පරාවක සිට තවත් පරම්පරාවකට සම්ප්‍රේෂණය වීම සිදු විය හැකි බැවින්, ඔබ සහ ඔබේ සහකරු පහත සැලසුම් සකස් කරගෙන තිබේ නම් ඒවා ක්‍රියාවට නැගීමට පෙර තැලසීමියා පරීක්ෂාව සඳහා යා යුතුය:
- විවාහ වීමට සැලසුම් කිරීම
- පවුලක් ආරම්භ කිරීමට සැලසුම් කිරීම
තැලසීමියා පරීක්ෂාවට සරල රුධිර පරීක්ෂණයක් ඇතුළත් වේ.
ඔබට හෝ ඔබේ සහකරුට සුළු තැලසීමියා රෝගී තත්වය තිබේ නම්, ඔබ විවාහ වීමට හෝ දරුවෙකු ලැබීමට සැලසුම් කිරීමට පෙර ඔබ දෙදෙනාම ජාන උපදේශනය සඳහා වෛද්‍යවරයකු හමු වීම ඉතා වැදගත් වේ. වෛද්‍යවරයා ඇති විය හැකි අවදානම් තත්වයන් පැහැදිලි කර ඔබට ඒ සඳහා ඇති පිළියම් පිළිබඳව සාකච්ඡා කරනු ඇත.
ඔබ දැනටමත් ගැබ් ගෙන ඇත්නම් කුමක් කල යුතුද
ඔබ දැනටමත් ගැබ්ගෙන ඇති අතර ඔබ සහ ඔබේ ස්වාමිපුරුෂයා යන දෙදෙනාම සුළු තැලසීමියා රෝගීන් නම්, ඔබේ කුසේ සිටින දරුවාට තැලසීමියා රෝගය වැළඳී ඇත්දැයි සොයා බැලීමට වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගෙන ඒ සඳහා අවශ්‍ය රෝග විනිශ්චය පරීක්ෂණයකට යා යුතුය. ඔබට කිරීමට වෛද්‍යවරයා නියම කරන පරීක්ෂණයේ ප්‍රථිපල මත පදනම්ව වෛද්‍යවරයා ඔබට සහ ඔබේ සැමියාට ඒ අනුව උපදෙස් දෙනු ඇත.
පින්තූර: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)
No comments:
Post a Comment