ගර්භණී මව්වරුන්ට අත්‍යාවශ්‍ය දෑ
දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්ම කෙනෙක්ට දැනෙන්නේ තමන්ට මුළු ලෝකෙම ලැබෙන්න යනවා වගේ. තමන්ට ලැබෙන්න ඉන්න දරුවට අවශ්‍ය කරන දේවල් පිළියෙළ කරන එක තමා අම්මලාගේ ලොකුම සතුට. නමුත් සමහර වෙලාවට ගර්භණී මව්වරු දරුවන්ට අවශ්‍ය දේවල් බොහොම උවමනාවෙන් එකතු කරද්දී තමන්ට අවශ්‍ය දේවල් එකතු කර ගන්න එයාලට අමතක වෙනවා, එහෙම නැත්නම් ඒක පසුව කර ගන්න පුළුවන් කියල හිතලම පස්සට දානවා.
"අනේ මගේ බඩු ටික නම් පස්සේ උනත් ලෑස්ති කර ගන්න පුලුවනිනේ"
"දරුවට බඩු මුට්ටු එකතු කරන අතරේ මගේ බඩු ටික ගන්න දන්නෙම නැතුව අමතක උනා"
"මට කියල ඉතින් එහෙමකට එකතු කර ගන්න දේකුත් නැහැනේ "
ඔන්න සමහර ගර්භණී මව්වරු හිතන හැටි. නමුත් එහෙම හිතලත් බැහැ. ගර්භණී මවකටත් අත්‍යාවශ්‍ය වෙන දේවල් ගොඩක් තියෙනවා. සමහර දේවල් ගර්භණී සමයේ ඉඳන්ම භාවිතයට ගන්න සුදුසු දේවල්. ඉතින් මේ නිසා තමන්ට අවශ්‍ය දේවල් එකතු කර ගන්න එක පසුවට කල් දාන්න නම් එපා.
මේ ලිපිය කියෙව්වම ගර්භණී මවක් විදිහට ඔයාලටත් හිතේවි ඔයාලටත් කොච්චර නම් අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවද කියලා.
මේ බ්ලොග් ලිපිය ගර්භණී මවකට අවශ්‍ය බඩු භාණ්ඩ පිළිබඳව විස්තර සපයයි. ඔබට මේ ලැයිස්තුව පරීක්ෂා කර ඔබට අවශ්‍ය භාණ්ඩ පමණක් තෝරා ගන්නට පුළුවන්. ඒ වගේම, ඔබට අවශ්‍ය වෙනත් භාණ්ඩ තිබේ නම් ඒවා මෙම ලැයිස්තුවට එකතු කරන්නටත් පුළුවන්. එමගින්, ඔබට ඔබේම අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ සහිත ලැයිස්තුවක් සෑදිය හැකියි.
ගර්භණී මවුවරුන්ට අවශ්‍ය වන බඩු භාණ්ඩ
මේ බ්ලොග් ලිපිය ගර්භණී මවකට අවශ්‍ය බඩු භාණ්ඩ පිළිබඳව විස්තර සපයයි. ඔබට මේ ලැයිස්තුව පරීක්ෂා කර ඔබට අවශ්‍ය භාණ්ඩ පමණක් තෝරා ගන්නට පුළුවන්. ඒ වගේම, ඔබට අවශ්‍ය වෙනත් භාණ්ඩ තිබේ නම් ඒවා මෙම ලැයිස්තුවට එකතු කරන්නටත් පුළුවන්. එමගින්, ඔබට ඔබේම අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ සහිත ලැයිස්තුවක් සෑදිය හැකියි.
ගර්භණී මවුවරුන්ට අවශ්‍ය වන බඩු භාණ්ඩ
- බෙඩ් ජැකට් සහ චීත්ත (පශ්චාත් ප්‍රසව ඇඳුම්)
- දිවා කාලයේ ඇඳීමට සුව පහසු ඇඳුම් (පශ්චාත් ප්‍රසව ඇඳුම්): බෙඩ් ජැකට් සහ චීත්ත ඇඳීම වෙනුවට, ඔබ කැමති නම් දරු ප්‍රසූතියෙන් පසු ඇඳීමට සුව පහසු ඇඳුම් තෝරා ගන්නට පුළුවන්. කෙසේ වෙතත්, එවැනි ඇඳුම් තෝරාගැනීමේදී ඔබට පහසුවෙන් මව්කිරි දීමට හැකි ආකාරයේ ඇඳුම් තෝරා ගැනීමට උත්සාහ කරන්න
- සුව පහසු රාත්‍රී ඇඳුම් (පශ්චාත් ප්‍රසව ඇඳුම්)
- ළදරුවාට කිරි දීමට පහසු ඇඳුම් (කරුණාකර විවිධ වර්ගයේ ළදරුවාට කිරි දීමට පහසු ඇඳුම් දැකීමට පහත වීඩියෝව පරීක්ෂා කරන්න): මේවා විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ඔබ යන ඕනෑම තැනකදී ඔබට පහසුවෙන් මව්කිරි දීමට හැකි වන පරිදිය. මෙම ඇඳුම්වල ඇති වඩාත් විශේෂත්වය නම්, පිටතින්, මෙම ඇඳුම් කිරි දීමට පහසු ලෙස සකස් කල ඇඳුම් බව කිසිවෙකුට පවසන්නට නොහැකි වීමයි
- මාතෘ සමයේ ඇඳීමට සුදුසු සහ පහසු යටිකය යට ඇඳුම් (maternity panties)
- ළදරුවාට කිරි දීමට පහසු උඩුකය යට ඇඳුම් (maternity bras) (කරුණාකර විවිධ වර්ගයේ මාතෘ උඩුකය යට ඇඳුම්රා බැලීමට පහත වීඩියෝව පරීක්ෂා කරන්න)
- න(ර්)සින්ග් පෑඩ්ස්, බ්‍රෙස්ට් පෑඩ්ස් ලෙසද හඳුන්වයි - නර්සින්ග් පෑඩ්ස් දෙකක් ඔබගේ උඩුකය යට ඇඳුම තුල අලවා තබා ගැනීමෙන් හදිසි මව්කිරි කාන්දු වීමකදී උඩුකය උඩ ඇඳුම තෙත් වීමෙන් වලක්වා ගත හැකි වේ (කරුණාකර නර්සින්ග් පෑඩ්ස් භාවිතා කරන්නේ කෙසේදැයි බැලීමට පහත වීඩියෝව බලන්න)
- අධික උරා ගැනීමේ හැකියාවක් ඇති සනීපාරක්ෂක තුවා / මාතෘ සනීපාරක්ෂක තුවා / සාමාන්‍ය සනීපාරක්ෂක තුවා
- තනපුඩු වල ආලේප කරන ක්‍රීම්: තුවාල වී හෝ ඉරි තැලී වේදනා දෙන තන පුඩු වලට සහනයක් ලබා දෙයි
- ස්ට්‍රෙච් මාර්ක්ස් ක්‍රීම්: ඔබේ ගර්භණී සමයේදී ඔබේ උදරයෙහි නියමිත තෙතමනය රඳවා තබා ගැනීමට මෙම ක්‍රීම් භාවිතා කළ හැකි අතර එමගින් උදරය කැසීම සහ කැළැල් ඇති වීම අවම කර ගත හැකිය
- පශ්චාත් ප්‍රසූති අවදියේදී උදරය තද වන ලෙස ඇඳිය හැකි බඳ පටිය (girdle) (පශ්චාත් ප්‍රසව ඇඳුම්)
- මව් පදවිය දැරීමේදී වැදගත් වන තොරතුරු, අදහස් සහ උපදෙස් ලබා ගත හැකි පොත් පත්, වෙබ් අඩවි, වීඩියෝ, සහ අන්තර්ජාලයේ ඇති විශ්වසනීය සමූහයන් පිළිබඳව දැනුවත් වීම
- පෞද්ගලික සනීපාරක්ෂාව උදෙසා අවශ්‍ය කරන බඩු බාහිරාදිය (නිවසේදී භාවිතයට අමතරව මේ බඩු ගැන සැලකිලිමත් වීම වඩාත්ම වැදගත් වන්නේ දරු ප්‍රසූතියට රෝහල් ගත වීමේදී මවගේ කළමනා දමාගෙන යන බෑගයට එකතු කිරීමටයි): පනාවක්, දත් බෙහෙත්, දත් බුරුසුව, සබන් හෝ බාත් ජෙල්, ක්‍රීම්, කොලෝන්, සැප පහසුව සහිත සෙරෙප්පු කුට්ටමක් වැනි දේ
පහත ඉදිරිපත් කර තිබෙන වීඩියෝවේ ඉහත ලැයිස්තුවේ තිබෙන බඩු භාණ්ඩ වල චායාරූප පමණක් නොවෙයි සමහරක් බඩු භාණ්ඩ පිළිබඳව වැඩි දුර විස්තර පටිගත කල දර්ශන ලෙසත් ඇතුලත් කර තිබෙනවා.
පින්තූර: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)
වීඩියෝවේ සංගීතය: https://www.bensound.com
පින්තූර: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)
වීඩියෝවේ සංගීතය: https://www.bensound.com
No comments:
Post a Comment