Sunday, September 15, 2019

ලැක්ටේෂන් කුකීස් (මව් කිරි වඩවන විස්කෝතු)




අද ලිපියෙන් මේ බ්ලොග් එකේ පළමු කෑම වට්ටෝරුව ඉදිරිපත් කරන්නයි සූදානම් වෙන්නේ. මේක කිරි දෙන මව්වරුන්ගේ කිරි නිෂ්පාදනය වැඩි කර ගන්න පුළුවන් ආහාරයක වට්ටෝරුවක්. 

ලංකාවේ ඉන්න කිරි දෙන මව්වරුන්ට නම් කොස්, පොලොස්, කිරි මෝර මාළු, කිරි අඟුණ වගේ  කිරි වඩවන ආහාර ගොඩක් දේවල් පහසුවෙන් සොයා ගන්නට පුළුවන්. නමුත් සහමර මව්වරුන්ට, විශේෂයෙන්ම පිටරටවල් වල ජීවත් වෙන මව්වරුන්ට මේ වගේ ආහාර සොයා ගන්නට අපහසුයි. හුඟක් කිරි දෙන මව්වරුන් මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා දැක ගන්නට පුළුවන්.

"මට කොස් පොලොස් වගේ දේවල් මෙහෙ හොයා ගන්න අමරුයිනේ. මට ඒ වෙනුවට හදා ගන්න කෑම ජාතියක් කියනවද?"
"අනේ මගේ කිරි වැඩි කර ගන්න ලේසියෙන් හදා ගන්න ඒ වගේම කල් තියා ගන්න පුළුවන් කෑම වර්ගයක් කියන්නකෝ"
"මම මෝර මාළු, පොලොස් වගේ දේවල් කනවා, ඊට අමතරව තව පැණි රසට වගේ කන්න පුළුවන් කිරි වැඩි කරන කෑම ජාති මොකුත් නැද්ද අනේ"

ඉතින් ඒ වගේ මව්වරුන්ට පහසුවෙන් සකසා ගන්නට පුළුවන් පෝෂ්‍යදායි ඒ වගේම ඉතා හොඳින් කිරි වඩවන ආහාර වට්ටෝරුවක් තමයි පහතින් ඉදිරිපත් කරලා තියෙන්නේ. ලැක්ටේෂන් කුකීස් තමයි මේ ආහාරය. කිරි දෙන මව්වරුන්ට විතරක් නෙවෙයි, අවුරුද්දට වැඩි පොඩි දරුවන්ට වගේම ඕනෑම වැඩිහිටි කෙනෙක්ට ආහාරයට සුදුසු පෝෂණ ගුණයෙන් අනූන කෑමක් තමයි මේ ලැක්ටේෂන් කුකීස් කියන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනි, මම ඉලෙක්ට්‍රික් බීටර් එකක් පාවිච්චි කරන්නේ නැතුව තමයි මේ කුකීස් හදන්නේ. ඉතින් ඔයාලට ඉලෙක්ට්‍රික් බීටර් එකක් නැත්නම් ඒ ගැන කරදර වෙන්න ඕනි නැහැ, මොකද මේ වට්ටෝරුවට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ.

මම 'Pinterest' කියන වෙබ් අඩවියෙන් හොයා ගත්ත වට්ටෝරුවකට අවශ්‍ය පරිදි වෙනස් කම් සිදු කරලා තමයි පහත තියෙන වට්ටෝරුව සකසාගෙන තියෙන්නේ. මම 'Pinterest' එකෙන් ගත්ත වට්ටෝරුවේ ලින්ක් එක පහලින් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් එහෙනම් අපි බලමු කොහොමද මේ කුකීස් හදා ගන්නේ කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය:
අවශ්‍ය ද්‍රව්‍ය 
  • බටර් මේස හැඳි 6 (85 g)
  • පොල් තෙල් මේස හැඳි 2 (28 g)
  • දුඹුරු සීනි කෝප්ප ½ (100 g) [සුදු සීනි නම් කෝප්ප ¾ (170 g)]
  • බෘව(ර්)ස් යීස්ට් මේස හැඳි 2 ½ (21 g)
  • ඕට්ස් කෝප්ප 1 ½ (135 g)
  • පිටි කෝප්ප ¾ (90 g)
  • චොකලට් චිප්ස් කෝප්ප ½ (90 g)
  • බිත්තර 1
  • ෆ්ලැක්ස් ඇට මේස හැඳි 1 1/2
(බෘව(ර්)ස් යීස්ට් සහ ෆ්ලැක්ස් ඇට හොයා ගන්නට නැති නම් ඒ දෙකම වෙනුවට තල ඇට මේස හැඳි 4ක් ගන්න)
  • වතුර මේස හැඳි 1
  • බේකින් පවුඩර් තේ හැඳි 1/2
  • වැනිලා තේ හැඳි 1
  • කුරුඳු කුඩු තේ හැඳි 1/2
මේ වට්ටෝරුවේ තිබෙන අමුද්‍රව්‍ය වලින් ඕට්ස්, පොල්තෙල්, බෘව(ර්)ස් යීස්ට් සහ ෆ්ලැක්ස් ඇට කියන්නේ කිරි දෙන මවකගේ කිරි සැපයුම වැඩි කර ගන්නට විශේෂයෙන් උපකාරී වන අමුද්‍රව්‍යයි. මම කලිනුත් සඳහන් කරලා තිබෙන ආකාරයට, බෘව(ර්)ස් යීස්ට් සහ ෆ්ලැක්ස් ඇට සොයා ගන්නට බැරි අයට ඒ වෙනුවට තල ඇට පාවිච්චි කරන්නට පුළුවන්. තල ඇට කියන්නෙත් මව් කිරි නිෂ්පාදනය වැඩි කරගන්නට මහඟු ලෙස උපකාරී වන අහාර වර්ගයක්.

ඒ එක්කම ඔබ බිත්තර පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නම් මේ වට්ටෝරුවෙන් බිත්තර ඉවත් කරන්නට පුළුවන්. නමුත් ඒ වෙනුවට වැඩිපුර පොල් තෙල් මේස හැන්දක් එකතු කල යුතුයි. ඒ අනුව, ඔබ මේ වට්ටෝරුව බිත්තර නැතුව හදනවා නම් එකතු කල යුතු මුළු පොල් තෙල් මේස හැඳි ප්‍රමාණය 3 යි (42 g). මේ කුකීස් වල පැණි රස ගතිය අඩුවෙන් හදන්න ඕනි කෙනෙක්ට සීනි ප්‍රමාණයත් තරමක් අඩු කර ගන්නට පුළුවන්. දුඹුරු සීනි පාවිච්චි කරනවා නම් දීල තිබෙන ප්‍රමාණයෙන් මේස හැඳි 2කුත්, සුදු සීනි පාවිච්චි කරනවා නම් දීල තිබෙන ප්‍රමාණයෙන් මේස හැඳි 3කුත් අඩු කරලා එකතු කර ගන්නට පුළුවන්. දැන් අපි කුකීස් හදන ආකාරය බලමු. වීඩියෝ දර්ශන සහිතව කුකීස් සාදන ආකාරය නැරඹීම සඳහා කරුණාකර පහත වීඩියෝව බලන්න.

පළමුව, බේකින් ට්‍රේ එකට පාච්මන්ට් කඩදාසි දමා සකසා ගන්න. ඉන්පසු අවන් එක උෂ්ණත්වය 170⁰C ට රත් වෙන්නට දමන්න.

දැන්, භාජනයකට බටර් සහ පොල්තෙල් එකතු කරන්න. එය සිනිඳු ක්‍රීම් එකක් වන තුරු මිශ්‍ර කරන්න. ඉන්පසු ක්‍රමයෙන් සීනි එකතු කර මිශ්‍ර කරන්න. ඔබ පවුඩර් වගේ කුඩු කල සීනි පාවිච්චි කරනවා නම්, සීනි ඉක්මනින්ම දිය වෙන නිසා ඔබට දිගු වෙලාවක් මිශ්‍ර කරන්න  අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ කැට සහිත සීනි නම් භාවිතා කරන්නේ, සීනි කැට දිය වෙන්නට වැඩි කාලයක් ගත වෙනවා. සීනි සම්පූර්ණයෙන්ම වගේ දිය වුනාට පස්සේ බිත්තරය එකතු කර මිශ්‍ර කරන්න. වැනිලා ද එකතු කර මිශ්‍ර කරන්න. දැන් පිටිවලට බේකින් පවුඩර් එක් කරන්න. වරින් වර පිටි සහ බේකින් පවුඩර් මිශ්‍රණය කුකීස් මිශ්‍රණයට හලා ගෙන හොඳින් මිශ්‍ර කරන්න. සියලු පිටි හොඳින් මිශ්‍ර වූ පසු වතුර මේස හැන්ද එක් කරන්න. ඔබේ කුකීස් මිශ්‍රණය දිය ගතිය වැඩි යයි ඔබට හිතෙනවා නම්, ඔබට වතුර එකතු නොකර ඉන්නට පුළුවන්. බෘව(ර්)ස් යීස්ට් සහ ෆ්ලැක්ස් ඇට එකතු කර සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. ඔබට බෘව(ර්)ස් යීස්ට් සහ ෆ්ලැක්ස් ඇට නැත්නම්, ඒ වෙනුවට තල ඇට එකතු කරන්නට පුළුවන්.

අවසාන මිශ්‍රණයේ පදම 
මිශ්‍ර කරන අතර තුර වරින් වර බඳුනේ  වටේ තැවරී ඇති මිශ්‍රණයේ කොටස් හැන්දෙන් මැදට එකතු කර ගන්නට අමතක කරන්නට එපා. වරින් වර කුකීස් මිශ්‍රණයට ඕට්ස් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. කුරුඳු කුඩුත් එක් කරන්න. කුරුඳු කුඩු වල රසයට ඔබ අකමැති නම්, ඔබට මෙම පියවර මඟ හරින්නට පුළුවන්. චොකලට් චිප්ස් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. දැන් ඔබ සියලු අමුද්‍රව්‍ය එකතු කර අවසන්. අවසාන මිශ්‍රණයේ පදම ඕනවට වඩා ඝනකමත් නැති දියාරුත් නැති එකක් විය යුතුයි.





බේකින් ට්‍රේ එකට දැමූ කුකී බැටරය
බේකින් ට්‍රේ එකට කුකීස් මිශ්‍රණය බෝල වශයෙන් දමන්න. මම සාමාන්‍යයෙන් මේ සඳහා මේස හැන්දක් භාවිතා කරනවා. බේක් වීමේදී මේ බෝල විස්කෝතු ලෙස පැතිරෙනවා. ඒ නිසා මේ කුකීස් බෝල දෙකක් අතර පරතරය අඟල් 2 පමණ තබන්න ඕනි. 170⁰C ට රත් වුනු අවන් එකේ කුකීස් ටික විනාඩි 15-18 ක් පමණ බේක් කර ගන්න. ඔබේ අවන් එකේ වර්ගය සහ නිරවද්‍යතාවය අනුව බේක් වෙන්නට ගත වන කාලය වෙනස් විය හැකිය. එමනිසා, විනාඩි 12 ක් හෝ 13 කට පසු ඔබේ කුකීස් පරීක්ෂා කිරීම වඩා හොඳයි. කුකීස් නිසි ලෙස බේක් වෙලා නම්, කුකීස් වල මුදුන කර කර ගා හැපෙනසුළු විය යුතු අතර කුකීස් වල යට තරමක් දුඹුරු පැහැති විය යුතුයි. ඒවා නිසි ලෙස බේක් වෙලා නැත්නම්, තවත් විනාඩි 2-3 ක් අවන් එකේ බේක් වෙන්නට අරින්න. ඔබට මෙම කුකීස් මිශ්‍රණයෙන් කුකීස් 24ක් පමණ සෑදිය හැකියි.

මේ කුකීස් සුළං වදින්නේ නැති ලෙස භාජනයක ගබඩා කරනවා නම්, ඒවා ශීතකරණයේ නොතබා සති 2 ක් නැවුම්ව තබා ගන්නට පුළුවන්. මේ කුකීස් ශීතකරණයක් තුළ මාසයක් තබා ගන්නට පුළුවන්.

ඔබ මව්කිරි දෙන මවක් නම්, දිනකට මේ කුකීස් 3-4 ක් පමණ ආහාරයට ගැනීමෙන් ඔබට කිරි සැපයුම වැඩි කර ගන්නට පුළුවන්. හැබැයි, මව්කිරි දෙන මව්වරුන්ට පමණක් නොවෙයි, ලොකු පොඩි ඕනෑම කෙනෙකුට මේ රසවත් හා පෝෂ්‍යදායී  ලැක්ටේෂන් කුකීස් රස විඳින්නට තහනමක් නැහැ. ඉතින් ඔයාල මේ වට්ටෝරුව උත්සාහ කරලා බලයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

වැඩි විස්තර සඳහා පහත වීඩියෝව බලන්න.






Pinterest ලින්ක් එකhttp://bit.ly/2n5nNCW
පින්තූර: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)
වීඩියෝවේ සංගීතය: https://www.bensound.com

Thursday, September 12, 2019

Thalassaemia


"You're getting married soon right? So, did you two go for a Thalassaemia test?"

"Not really, actually what is Thalassaemia? What is the benefit of testing it?"
"Does this Thalassaemia thing need to be tested before getting married?"

"I too don't know. A recently married friend of mine said that they did it before they got married. That's why I asked it from you"

Do you have these types of questions? If you are a married couple, have you tested for Thalassaemia before you got married? If you are getting married in the near future have you thought of going for this test?

Thalassaemia is a very important disease that you must need to be aware of before getting married. If you are not familiar with this disease, then this article will be very useful for you.

Thalassaemia is an inherited blood disorder which is caused by an abnormal gene. A person with Thalassaemia is unable to produce normal hemoglobin in the blood.Hemoglobin carries oxygen in the blood from the lungs to all parts of the body. When the body is unable to produce normal hemoglobin, the resulting low hemoglobin levels give rise to anemia.

Thalassaemia is passed on from parent to child and can affect both males and females.

Types of Thalassaemia 

There are two types of Thalassaemia:
  1. Thalassaemia minor
  2. Thalassaemia major
A person who has inherited one Thalassaemia gene is said to have Thalassaemia minor (Thalassaemia Trait). He or she is healthy and leads a normal life. Most people with Thalassaemia minor do not know that they have it. However, the affected person can pass on the abnormal gene to their children. 

Thalassaemia major is a severe form of anemia. The affected person has inherited two Thalassaemia genes, one from each parent. He or she may look normal at birth but within 1-2 years of life, will suffer from severe anemia, which leads to poor growth and development as well as a shorter lifespan.   
The affected person will need blood transfusion every month to sustain life. At present, a bone marrow transplant is the only hope of a possible cure for Thalassaemia major.

How Thalassaemia is inherited
  • If only one parent has Thalassaemia minor, the following can occur:
    • 50% chance of having a child with Thalassaemia minor
    • 50% chance of having a normal child
    • none of the couple's children will get Thalassaemia major
  • If both parents have Thalassaemia minor, the following can occur:


    • 25% chance of having a child with Thalassaemia major
    • 50% chance of having a child with Thalassaemia minor
    • 25% chance of having a normal child
The chances are same with each pregnancy, no matter how many children the couple may have.

Who should go for Thalassaemia screening?

Since Thalassaemia can be passed on from one generation to another, you and your partner should go for Thalassaemia screening if you are:
  • planing to get married
  • starting a family
Thalassaemia screening involves a simple blood test.

Things you can do if you have Thalassaemia minor

If you or your partner has Thalassaemia minor, both of you should see a doctor for genetic counselling before you plan to get married or have a child. The doctor will explain the risks and discuss the choices you have. 

What you should do, if you are already pregnant?

If you are already pregnant and both you or your husband have Thalassaemia minor, you should consult a doctor and go for necessary diagnostic test to find out whether your unborn baby has Thalassaemia major. Based on the results of the test you have asked to do, the doctor will advise you and your husband accordingly. 



Images: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)

Sunday, September 8, 2019

තැලසීමියා රෝගය 


"ඔයාල ලඟදි කසාද බඳින්න නේද ඉන්නේ? ඉතින් තැලසීමියා ටෙස්ට් කර ගන්න ගියාද ඔය දෙන්නා?"

"නැහැ අනේ, ඇත්තටම මොකක්ද තැලසීමියා කියන්නේ? මොකක්ද ඒක ටෙස්ට් කරන එකෙන් තියෙන ප්‍රයෝජනේ?"
"කසාද බඳින්න කලින්ද තැලසීමියා ටෙස්ට් කර ගන්න ඕනි?"

"මමත් දන්නේ නැහැ, ලඟදි කසාද බැඳපු යාලුවෙක් නම් එයාල ටෙස්ට් කර ගත්තා කිව්වා. ඒකයි ඇහුවේ."

ඔයාලටත් මේ වගේ ප්‍රශ්න තියෙනවද? ඔයාල කසාද බැඳපු ජෝඩුවක් නම් මේ තැලසීමියා පරීක්ෂණය කර ගත්තාද?  කසාද බඳින්න ඉන්න ජෝඩුවක් නම් මේ පරීක්ෂණය කර ගන්නට හිතුවාද?

ඇත්තටම මොකක්ද තැලසීමියා කියන්නේ? මොකක්ද ඒක පරීක්ෂා කරන එකෙන් තියෙන ප්‍රයෝජනය? මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක ගොඩක්ම වැදගත්. මේ දේවල් පිළිබඳව ඔයාල දැනුවත් නැත්නම් මේ ලිපිය ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

තැලසීමියා කියන්නේ විකෘති ජානයක් නිසා රුධිරයේ ඇති වන රුධිර රෝග තත්වයක්. තැලසීමියා රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුට රුධිරයේ සාමාන්‍ය හිමොග්ලොබින් නිපදවීමට හැකියාවක් නැහැ. හිමොග්ලොබින් රුධිරයේ ඇති ඔක්සිජන් පෙණහලුවල සිට ශරීරයේ සියලුම කොටස් වෙත ගෙන යාම සිදු කරනවා. ශරීරයට සාමාන්‍ය පරිදි හිමොග්ලොබින් නිපදවීමට නොහැකි වූ විට, එහි ප්‍රතිපලයක් වශයෙන් ඇති වන හිමොග්ලොබින් මඳ භාවය රක්තහීනතාවයට හේතු වෙනවා.

තැලසීමියා රෝගය දෙමව්පියන්ගේ සිට දරුවන් වෙත ප්‍රවේණිගත ලෙස සම්ප්‍රේෂණය වන අතර එය පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවයටම බලපායි.

තැලසීමියා රෝගය දෙආකාරයකි
  1. සුළු තැලසීමියාව (Thalassaemia minor)
  2. මහා තැලසීමියාව (Thalassaemia major)
එක් තැලසීමියා ජානයක් උරුම කරගත් පුද්ගලයෙකුට සුළු තැලසීමියාව ඇති බව කියනු ලබනවා. ඔහු හෝ ඇය සෞඛ්‍ය සම්පන්න වන අතර සාමාන්‍ය ජීවිතයක් ගත කරයි. සුළු තැලසීමියා රෝගයෙන් පෙළෙන බොහෝ අය තමන්ට එවැනි තත්වයක් ඇති බව නොදනී. ඒ කොහොම වෙතත්, සුළු තැලසීමියාව ඇති පුද්ගලයෙක්ට මෙම අසාමාන්‍ය ජානය තම දරුවන්ට ලබා දෙන්නට හැකියි.

මහා තැලසීමියාව යනු රක්තහීනතාවයේ දරුණු ආකාරයකි. බලපෑමට ලක්වූ පුද්ගලයාට මව සහ පියා යන දෙදෙනාගෙන්ම තැලසීමියා ජාන දෙකක් උරුම වී ඇත. ඔහු හෝ ඇය උපතේදී සාමාන්‍ය ස්වභාවයක් පෙන්වුවත් වසර 1-2 ක් ඇතුළත දරුණු රක්තහීනතාවයෙන් පෙළෙන්නට පටන් ගන්නා අතර එය එම දරුවාගේ දුර්වල වර්ධනයට මෙන්ම කෙටි ආයු කාලයක් සඳහාද හේතු වේ.
බලපෑමට ලක්වූ පුද්ගලයාට ජීවිතය පවත්වා ගැනීම සඳහා සෑම මසකම රුධිර පාරවිලයනය සිදු කිරීම අවශ්‍ය වේ. වර්තමානයේ, අස්ථි ඇටමිදුළු බද්ධ කිරීම මහා තැලසීමියාව සුව කළ හැකි එකම ආකාරයයි.

තැලසීමියාව දෙමව්පියන්ගෙන් දරුවන්ට උරුම වන්නේ මෙසේයි
  • මවට හෝ පියාට පමණක් සුළු තැලසීමියා තත්වය ඇත්නම්, පහත සඳහන් ලෙස තැලසීමියාව දෙමව්පියන්ගෙන් දරුවන්ට උරුම විය හැකිය:
    • සුළු තැලසීමියාව සහිත දරුවෙකු ලැබීමට 50% ක අවස්ථාවක් ඇත 
    • සාමාන්‍ය දරුවෙකු ලැබීමට 50% ක අවස්ථාවක් ඇත 
    • මෙම යුවළගේ දරුවන්ගෙන් කිසිවෙකුට මහා තැලසීමියාව ඇති නොවේ
  • මව හා පියා යන දෙදෙනාම සුළු තැලසීමියා රෝගයෙන් පෙළෙන අය නම්, පහත සඳහන් ලෙස තැලසීමියාව දෙමව්පියන්ගෙන් දරුවන්ට උරුම විය හැකිය:

    • මහා තැලසීමියාව සහිත දරුවෙකු ලැබීමට 25% ක අවස්ථාවක් ඇත
    • සුළු තැලසීමියාව සහිත දරුවෙකු ලැබීමට 50% ක අවස්ථාවක් ඇත  
    • සාමාන්‍ය දරුවෙකු ලැබීමට 25% ක අවස්ථාවක් ඇත 
යුවලකට කොපමණ දරුවන් සංඛ්‍යාවක් සිටියත් තැලසීමියාව උරුම වීමේ ඉහත සඳහන් කර ඇති  සම්භාවිතාවයන් වෙනස් නොවේ.

තැලසීමියා පරීක්ෂාව කර ගත යුත්තේ කවුද?

තැලසීමියාව එක පරම්පරාවක සිට තවත් පරම්පරාවකට සම්ප්‍රේෂණය වීම සිදු විය හැකි බැවින්, ඔබ සහ ඔබේ සහකරු පහත සැලසුම් සකස් කරගෙන තිබේ නම් ඒවා ක්‍රියාවට නැගීමට පෙර තැලසීමියා පරීක්ෂාව සඳහා යා යුතුය:
  • විවාහ වීමට සැලසුම් කිරීම
  • පවුලක් ආරම්භ කිරීමට සැලසුම් කිරීම
තැලසීමියා පරීක්ෂාවට සරල රුධිර පරීක්ෂණයක් ඇතුළත් වේ.

ඔබ සුළු තැලසීමියා රෝගියෙක් නම් ඒ සඳහා ඔබට කළ හැකි දේවල්

ඔබට හෝ ඔබේ සහකරුට සුළු තැලසීමියා රෝගී තත්වය තිබේ නම්, ඔබ විවාහ වීමට හෝ දරුවෙකු ලැබීමට සැලසුම් කිරීමට පෙර ඔබ දෙදෙනාම ජාන උපදේශනය සඳහා වෛද්‍යවරයකු හමු වීම ඉතා වැදගත් වේ. වෛද්‍යවරයා ඇති විය හැකි අවදානම් තත්වයන් පැහැදිලි කර ඔබට ඒ සඳහා ඇති පිළියම් පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

ඔබ දැනටමත් ගැබ් ගෙන ඇත්නම් කුමක් කල යුතුද
ඔබ දැනටමත් ගැබ්ගෙන ඇති අතර ඔබ සහ ඔබේ ස්වාමිපුරුෂයා යන දෙදෙනාම සුළු තැලසීමියා රෝගීන් නම්, ඔබේ කුසේ සිටින දරුවාට තැලසීමියා රෝගය වැළඳී ඇත්දැයි සොයා බැලීමට වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගෙන ඒ සඳහා අවශ්‍ය රෝග විනිශ්චය පරීක්ෂණයකට යා යුතුය. ඔබට කිරීමට වෛද්‍යවරයා නියම කරන පරීක්ෂණයේ ප්‍රථිපල මත පදනම්ව වෛද්‍යවරයා ඔබට සහ ඔබේ සැමියාට ඒ අනුව උපදෙස් දෙනු ඇත.




පින්තූර: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)

Tuesday, September 3, 2019

ගර්භණී මව්වරුන්ට අත්‍යාවශ්‍ය දෑ 



දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්ම කෙනෙක්ට දැනෙන්නේ තමන්ට මුළු ලෝකෙම ලැබෙන්න යනවා වගේ. තමන්ට ලැබෙන්න ඉන්න දරුවට අවශ්‍ය කරන දේවල් පිළියෙළ කරන එක තමා අම්මලාගේ ලොකුම සතුට. නමුත් සමහර වෙලාවට ගර්භණී මව්වරු දරුවන්ට අවශ්‍ය දේවල් බොහොම උවමනාවෙන් එකතු කරද්දී තමන්ට අවශ්‍ය දේවල් එකතු කර ගන්න එයාලට අමතක වෙනවා, එහෙම නැත්නම් ඒක පසුව කර ගන්න පුළුවන් කියල හිතලම පස්සට දානවා. 

"අනේ මගේ බඩු ටික නම් පස්සේ උනත් ලෑස්ති කර ගන්න පුලුවනිනේ"
"දරුවට බඩු මුට්ටු එකතු කරන අතරේ මගේ බඩු ටික ගන්න දන්නෙම නැතුව අමතක උනා"
"මට කියල ඉතින් එහෙමකට එකතු කර ගන්න දේකුත් නැහැනේ "

ඔන්න සමහර ගර්භණී මව්වරු හිතන හැටි. නමුත් එහෙම හිතලත් බැහැ. ගර්භණී මවකටත් අත්‍යාවශ්‍ය වෙන දේවල් ගොඩක් තියෙනවා. සමහර දේවල් ගර්භණී සමයේ ඉඳන්ම භාවිතයට ගන්න සුදුසු දේවල්. ඉතින් මේ නිසා තමන්ට අවශ්‍ය දේවල් එකතු කර ගන්න එක පසුවට කල් දාන්න නම් එපා. 

මේ ලිපිය කියෙව්වම ගර්භණී මවක් විදිහට ඔයාලටත් හිතේවි ඔයාලටත් කොච්චර නම් අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවද කියලා.

මේ බ්ලොග් ලිපිය ගර්භණී මවකට අවශ්‍ය බඩු භාණ්ඩ පිළිබඳව විස්තර සපයයි. ඔබට මේ ලැයිස්තුව පරීක්ෂා කර ඔබට අවශ්‍ය භාණ්ඩ පමණක් තෝරා ගන්නට පුළුවන්. ඒ වගේම, ඔබට අවශ්‍ය වෙනත් භාණ්ඩ තිබේ නම් ඒවා මෙම ලැයිස්තුවට එකතු කරන්නටත් පුළුවන්. එමගින්, ඔබට ඔබේම අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ සහිත ලැයිස්තුවක් සෑදිය හැකියි.

ගර්භණී මවුවරුන්ට අවශ්‍ය වන බඩු භාණ්ඩ 

  1. බෙඩ් ජැකට් සහ චීත්ත (පශ්චාත් ප්‍රසව ඇඳුම්)
  2. දිවා කාලයේ ඇඳීමට සුව පහසු ඇඳුම් (පශ්චාත් ප්‍රසව ඇඳුම්): බෙඩ් ජැකට් සහ චීත්ත ඇඳීම වෙනුවට, ඔබ කැමති නම් දරු ප්‍රසූතියෙන් පසු ඇඳීමට සුව පහසු ඇඳුම් තෝරා ගන්නට පුළුවන්. කෙසේ වෙතත්, එවැනි ඇඳුම් තෝරාගැනීමේදී ඔබට පහසුවෙන් මව්කිරි දීමට හැකි ආකාරයේ ඇඳුම් තෝරා ගැනීමට උත්සාහ කරන්න 
  3. සුව පහසු රාත්‍රී ඇඳුම් (පශ්චාත් ප්‍රසව ඇඳුම්)
  4. ළදරුවාට කිරි දීමට පහසු ඇඳුම් (කරුණාකර විවිධ වර්ගයේ ළදරුවාට කිරි දීමට පහසු ඇඳුම් දැකීමට පහත වීඩියෝව පරීක්ෂා කරන්න): මේවා විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ඔබ යන ඕනෑම තැනකදී ඔබට පහසුවෙන් මව්කිරි දීමට හැකි වන පරිදිය. මෙම ඇඳුම්වල ඇති වඩාත් විශේෂත්වය නම්, පිටතින්, මෙම ඇඳුම් කිරි දීමට පහසු ලෙස සකස් කල ඇඳුම් බව කිසිවෙකුට පවසන්නට නොහැකි වීමයි 
  5. මාතෘ සමයේ ඇඳීමට සුදුසු සහ පහසු යටිකය යට ඇඳුම් (maternity panties) 
  6. ළදරුවාට කිරි දීමට පහසු උඩුකය යට  ඇඳුම් (maternity bras) (කරුණාකර විවිධ වර්ගයේ මාතෘ උඩුකය යට ඇඳුම්රා බැලීමට පහත වීඩියෝව පරීක්ෂා කරන්න)
  7. න(ර්)සින්ග් පෑඩ්ස්, බ්‍රෙස්ට් පෑඩ්ස් ලෙසද හඳුන්වයි - නර්සින්ග් පෑඩ්ස් දෙකක් ඔබගේ උඩුකය යට ඇඳුම තුල අලවා තබා ගැනීමෙන් හදිසි මව්කිරි කාන්දු වීමකදී උඩුකය උඩ ඇඳුම තෙත් වීමෙන් වලක්වා ගත හැකි වේ (කරුණාකර නර්සින්ග් පෑඩ්ස් භාවිතා කරන්නේ කෙසේදැයි බැලීමට පහත වීඩියෝව බලන්න)
  8. අධික උරා ගැනීමේ හැකියාවක් ඇති සනීපාරක්ෂක තුවා / මාතෘ සනීපාරක්ෂක තුවා / සාමාන්‍ය සනීපාරක්ෂක තුවා 
  9. තනපුඩු වල ආලේප කරන ක්‍රීම්: තුවාල වී හෝ ඉරි තැලී  වේදනා දෙන තන පුඩු වලට සහනයක් ලබා දෙයි       
  10. ස්ට්‍රෙච් මාර්ක්ස් ක්‍රීම්: ඔබේ ගර්භණී සමයේදී ඔබේ උදරයෙහි නියමිත තෙතමනය රඳවා තබා ගැනීමට මෙම ක්‍රීම් භාවිතා කළ හැකි අතර එමගින් උදරය කැසීම සහ කැළැල් ඇති වීම අවම කර ගත හැකිය
  11. පශ්චාත් ප්‍රසූති අවදියේදී උදරය තද වන ලෙස ඇඳිය හැකි බඳ පටිය (girdle) (පශ්චාත් ප්‍රසව ඇඳුම්)
  12. මව් පදවිය දැරීමේදී වැදගත් වන තොරතුරු, අදහස් සහ උපදෙස් ලබා ගත හැකි පොත් පත්, වෙබ් අඩවි, වීඩියෝ, සහ අන්තර්ජාලයේ ඇති විශ්වසනීය සමූහයන් පිළිබඳව දැනුවත් වීම         
  13. පෞද්ගලික සනීපාරක්ෂාව උදෙසා අවශ්‍ය කරන බඩු බාහිරාදිය (නිවසේදී භාවිතයට අමතරව මේ  බඩු ගැන සැලකිලිමත් වීම වඩාත්ම වැදගත් වන්නේ දරු ප්‍රසූතියට රෝහල් ගත වීමේදී මවගේ කළමනා දමාගෙන යන බෑගයට එකතු කිරීමටයි): පනාවක්, දත් බෙහෙත්, දත් බුරුසුව, සබන් හෝ බාත් ජෙල්, ක්‍රීම්, කොලෝන්, සැප පහසුව සහිත සෙරෙප්පු කුට්ටමක් වැනි දේ    
මේ බ්ලොග් ලිපිය ගර්භණී මව්වරුන්ට ඔවුන්ගේම අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක් සැකසීමට ප්‍රයෝජනවත් වේවි කියලා මම විශ්වාස කරනවා. ගර්භණී මවකට අවශ්‍ය තවත් බොහෝ දෑ තිබෙන්නට පුළුවන්. මෙම ලිපියේ මම වඩාත් අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ ලැයිස්තුගත කර තිබෙනවා. මම කලිනුත් සඳහන් කළා වගේ ඔබට මේ ලැයිස්තුව පරීක්ෂා කරලා ඔබගේ කැමැත්ත අනුව භාණ්ඩ එකතු කිරීම හෝ ඉවත් කිරීම කරන්නට පුළුවන්.

පහත ඉදිරිපත් කර තිබෙන වීඩියෝවේ ඉහත ලැයිස්තුවේ තිබෙන බඩු භාණ්ඩ වල චායාරූප පමණක් නොවෙයි සමහරක් බඩු භාණ්ඩ පිළිබඳව වැඩි දුර විස්තර පටිගත කල දර්ශන ලෙසත් ඇතුලත් කර තිබෙනවා.







පින්තූර: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)
වීඩියෝවේ සංගීතය: https://www.bensound.com

Sunday, September 1, 2019

What Expecting Mothers Need



When a woman gets to know that she is pregnant, she feels like she is going to have the whole world. One of the greatest joys of being a pregnant mother is arranging essential baby items for her child. Sometimes, however, pregnant mothers are too busy collecting baby items for their child, forgetting to arrange what they want as pregnant mothers, or simply putting it away.

"No worries, I can get my things ready even later"
"Oh! I forgot to collect my belongings while I was busy collecting baby items for my child"
"I think I don’t have much to arrange for myself"

This is how some pregnant mothers think about themselves. But if you are a pregnant mother, you can't think this way. There are many things that are essential for a pregnant mother. You have to start using some of these things during your pregnancy period. So do not procrastinate arranging your items.

As you read this article, you as a pregnant mother will get to know how much things you need for yourself. 

This blog post is about the items that are required for an expecting mother. You can check this list and select only the items that are required for you. Also, you can add some more items according to your preference, and can make your own essential items list. 

Pregnancy Essentials
  1. Bed jackets and cheeththa (postpartum wear)
  2. Comfortable daytime dresses (postpartum wear): instead of wearing bed jackets and cloths, you can choose to wear comfortable clothes after the delivery. However, when choosing such clothes check whether they enable you to breastfeed discreetly and pump conveniently 
  3. Comfortable nighttime wear (postpartum wear)
  4. Nursing wear (please check the video  to see different types of nursing wear): these are tops that specifically designed to enable you to breastfeed discreetly and pump conveniently wherever you go. The best thing about these clothes is, from the outside, no one can tell that these clothes are nursing wear
  5. Maternity panties
  6. Nursing bras (please check the video  to see different types of nursing bras)
  7. Nursing pads: also called breast pads. Inserting one of these in each bra cup can keep your blouse dry if your breast leak (please check the below video to see how to use nursing pads)
  8. Maxi pads / maternity pads / sanitary pads
  9. Nipple cream: relieve sour nipples
  10. Stretch marks cream: you can use these cream while you are pregnant to keep your belly moisturized which helps prevent itchiness and scratching  
  11. Girdle (postpartum wear)
  12. Getting to know about the books, websites, videos, and other online sources that provide information about pregnancy and parenthood
  13. Personal hygiene items: for daily use and also to be included in the expecting mother's hospital bag. The things may include comb, tooth brush, tooth paste, soap or bath gel, cream, cologne, comfortable slippers. 
I believe this blog post is useful for the expecting mothers to make their own essential items list. There can be many more other items a pregnancy mother needs. Here I have listed down the most essential items. You can check this list and add or remove items according to your preferences. 

Check this video below for further details. The video contains not only photos of the items in the list above, but also some footage of some of the items.









Images: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)
Video music: https://www.bensound.com

Tuesday, August 27, 2019

Some Tips and Recommendations for Pregnant Mothers



Are you a pregnant mother? Did or do you ever think of these questions during your pregnancy? 

"What could be the things that I might need to pay special attention these days?"
"Why they say that I should not drink any caffeinated drink during my pregnancy?"
"I wish I could ease my mind and stay positive and happy during my pregnancy"

If you have ever felt such things, then this article is important to you.

It is completely normal for pregnant ladies to have a lot of questions and worries on their mind during their pregnancy period. Specially if it is their first pregnancy. In this post and the attached video, I am providing some general tips for those women on what to do throughout their pregnancy period. I hope these tips will help ease some of their questions and worries.
  • Drink lots of fluid: it is important to have lots of fluids during your pregnancy. Fluids means not just “water.” You can keep yourself hydrated with these food items: water, milk, juices, fruits, and vegetables (fruits and vegetables also provide some amount of fluids to your body). It is normal to not being able to drink water when you are pregnant. But you can always try another healthy fluid instead of water. Do not compare your drinking level with other. Just try to drink as much as you can. 
  • Avoid caffeinated drinks: you should not consume lots of caffeinated drinks during your pregnancy. High caffeine consumption can lead to several different problems during pregnancy. Therefore, it is better if you could avoid such drinks (such as tea and coffee) during your pregnancy period.
  • Quit smoking and drinking alcohol:you must quit smoking at least during your pregnancy (you should not smoke even if you are not pregnant, but now it is more important because you are carrying another life!) period because nicotine and alcohol are bad not only for your baby but also for you. Consumption of nicotine and alcohol can lead to several different problems during pregnancy. Also, it can affect the mental and physical development of your baby.
  • Avoid some food: avoid food like raw eggs, fish and meat; under-cooked eggs, fish and meat, high-mercury fish, unpasteurized milk, high-acidic fruits such as pine apple.
  • Eat healthy food.
  • Be active: it is a wise option to be active while you are pregnant. For example, going for a small walk (around 10-20 minutes) is a better way to be active. This also can help boost your energy levels. Furthermore, this will prevent your muscles from tightening. You better consult your doctor for some more pregnancy exercises that you can follow. These activities will make you feel much more relaxed during your pregnancy period.
  • Be positive and happy: maintaining a happy and positive mind during pregnancy is just as important as having healthy food and exercising moderately. This will help to create a safe and nurturing environment for baby. Taking care of yourself is one of the ways you can keep yourself happy. Spend sometime doing what you love (i.e. talk with some of your friends, listening to music, reading books, having a prenatal massage).
  • Ask for help if needed.
  • Meditation: this is an effective method to keep yourself distressed and relaxing your body. Also you can do some deep breathing exercises in addition to doing meditation.
Hope this article helped you in some way to answer some of your questions and to relieve some of your worries. Furthermore, it is always better to consult your doctor if you have any further questions and worries.  





Images: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)

Thursday, August 22, 2019

ගර්භණී  මව්වරුන්ට වැදගත් වන උපදෙස්



ඔබත් ගර්භණී මවක්ද? ඔබටත් මේ වගේ ප්‍රශ්න හිතට නැගිලා තියෙනවද?

"මේ කාලේ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි දේවල් මොනවද දන්නේ නැහැ"
"තේ කෝපි හෙම බොන්න එපා කිව්වේ ඇයි දන්නේ නෑ"
"අනේ මගේ හිත ටිකක් සැහැල්ලු කර ගන්න තිබුන නම් හොඳයි"

මේ වගේ දේවල් ඔයාලටත් හිතිලා තියෙනවා නම් මේ ලිපිය ඔයාලට වැදගත් වේවි.

ගර්භණී කාන්තාවන්ට හෝ ගැබිණි බව බලාපොරොත්තු වන කාන්තාවන්ට සාමාන්‍යයෙන් ඔවුන්ගේ ගර්භණී සමය තුලදී  නොයෙක් ගැටළු සහ පැහැදිලි කර ගන්න දේවල් ගොඩක් හිතෙනවා. විශේෂයෙන්ම ඒක ඔවුන්ගේ පළමු ගර්භණී අවස්ථාව නම් මේ විදිහට දේවල් හිතෙනවා වැඩියි, මොකද අත්දැකීම් අඩුයිනේ. මේ ලිපියෙන්, ගර්භණී කාන්තාවන්ට ඔවුන්ගේ ගර්භණී කාලය තුල වැදගත් වන උපදෙස් කිහිපයක් ඉදිරිපත් කරලා  තිබෙනවා. ඔයාලට නැගෙන සමහර ගැටළු මේ මගින් නිරාකරණය කර ගන්නට පුළුවන් වේවි.
  • දියර වර්ග වැඩියෙන් පානය කරන්න: ඔබේ ගර්භණී සමයේදී දියර වර්ග හැකි තරම් පානය කිරීම ගොඩක් වැදගත්. දියර වර්ග යන්නෙන් අදහස් කරන්නේ “ජලය” පමණක්ම නෙවෙයි. ඔබට මේ ආහාර ද්‍රව්‍ය ගැනීමෙනුත් ශරීරයට අවශ්‍ය ජලය යම් ප්‍රමාණයක් ලබා ගන්නට පුළුවන්ස: කිරි, පලතුරු යුෂ, පලතුරු සහ එළවළු (පලතුරු සහ එළවළු ද ඔබේ ශරීරයට යම් තරල ප්‍රමාණයක් සපයයි). ඔබ ගර්භණීව සිටියදී ජලය පානය කරන්නට නොහැකි වීම සාමාන්‍ය දෙයක්. ඒ ගැන හිතා හිත කරදර කර ගන්නේ නැතුව, සෑම විටම ජලය වෙනුවට වෙනත් සෞඛ්‍ය සම්පන්න දියර වර්ගයක් පානය කරන්නට උත්සාහ කරන්න. ඔබේ පානීය මට්ටම වෙනත් අය සමඟ සංසන්දනය කරන්න යන්න එපා. ඔබට හැකි පමණින් දියර වර්ග පානය කිරීමට උත්සාහ කරන්න.
  • කැෆේන් සහිත බීම පානය කිරීමෙන් වළකින්න: ගර්භණී සමයේදී ඔබ කැෆේන් සහිත බීම විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරන්නට නම් එපා. අධික කැෆේන් පරිභෝජනය ගර්භණී සමයේදී විවිධ ගැටළු වලට තුඩු දෙන්නට පුළුවන්. ඒ නිසා, ඔබේ ගර්භණී කාලය තුළ එවැනි බීම (තේ සහ කෝපි වැනි) පානය කිරීම වළක්වා ගත හැකි නම් වඩා හොඳයි.
  • දුම්පානය සහ මත්පැන් පානයෙන් වලකින්න: ඔබ ගර්භණී සමයේදී වත් දුම්පානය නතර කළ යුතුයි. ඔබ ගර්භණී නොවූවත් දුම් පානය කිරීම හොඳ නැහැ, නමුත් දැන් එය වඩාත් වැදගත් වන්නේ ඔබ වෙනත් ජීවිතයකුත් ඔබේ කුස තුල පෝෂණය කරන නිසායි! නිකොටින් සහ මධ්‍යසාර ඔබේ දරුවාට පමණක් නොවෙයි ඔබටත් කොහෙත්ම හිතකර වන්නේ නැහැ. නිකොටින් සහ මධ්‍යසාර පරිභෝජනය ගර්භණී සමයේදී විවිධ ගැටළු වලට තුඩු දෙන්නට පුළුවන්. ඒ වගේම, එය ඔබේ දරුවාගේ මානසික හා ශාරීරික වර්ධනයට බලපාන්නටත් පුළුවන්.
  • සමහර ආහාර ගැනීමෙන් වළකින්න: අමු බිත්තර, අමු මාළු, අමු මස්, භාගෙට පිසින ලද බිත්තර, භාගෙට පිසින ලද මස්, භාගෙට පිසින ලද මාළු, රසදිය ප්‍රතිශතය ඉහල මාළු, පැස්ටරීකරණය නොකළ කිරි, අන්නාසි වැනි අධික ආම්ලික පලතුරු ආදිය ආහාරයට ගැනීමෙන් වළකින්න.
  • සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කරන්න.
  • ක්‍රියාශීලී වන්න: ඔබ ගර්භණීව සිටියදී ක්‍රියාශීලීව සිටීම ඉතාම සුදුසුයි. උදාහරණයක් ලෙස, පොඩි දුරක් සාමාන්‍ය වේගයෙන් ඇවිදීම (විනාඩි 10-20ක් පමණ) ක්‍රියාශීලී භාවය ඇති කර ගැනීමට වඩා හොඳ ක්‍රමයක්. මෙය ඔබේ ශක්ති මට්ටම ඉහළ නැංවීමට ද උපකාරී වෙනවා. ඒ එක්කම මෙවැනි කුඩා ක්‍රියාකාරකම් ඔබේ මාංශ පේශි තද වීම වළක්වනවා. ඔබට අනුගමනය කළ හැකි තවත් ගර්භණී සමයට සුදුසු ව්‍යායාම පිළිබඳව දැනුවත් වීම සඳහා ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්නට ඔබට පුළුවන්. මවැනි ක්‍රියාකාරකම් වලින් ඔබේ ගර්භණී කාලය තුළ ඔබට වඩාත් සැහැල්ලුවක් දැනේවි. 
  • ඔබේ ගර්භණී සමය තුල සතුටින් ධනාත්මක සිතුවිලි ඇතිව ජීවත් වන්න: ආතති තත්වයන් ඇති නොවන ආකාරයට මනස සන්සුන්ව පවත්වා ගැනීමට පුරුදු වෙන්න. මෙය ඔබේ කුස තුල වැඩෙන ළදරුවාට ආරක්ෂිත හා පෝෂණය වන පරිසරයක් නිර්මාණය කිරීමට උපකාරී වේ. තමන් වෙනුවෙන් යම් කාලයක් වෙන් කරගෙන ඒ කාලයේ තමන් වඩාත් ප්‍රිය කරන කටයුතු වල යෙදෙන්න (උදා: පොත් කියවීම, ගීත වලට සවන් දීම, රූපලාවන්‍ය කටයුතු වල යෙදීම, නිසි ප්‍රමිතියකින් යුතුව සිදු කරන ප්‍රසව සම්භාහන කර ගන්න පුළුවන් ඔබ කැමති නම්).
  • අවශ්‍ය නම් උදව් ඉල්ලන්න පසුබට වෙන්නට එපා.
  • භාවනා කිරීම: මෙය ඔබේ ශරීරය සැහැල්ලුවෙන් තබා ගැනීමට භාවිතා කල හැකි ඵලදායි ක්‍රමයකි. භාවනා කිරීමට අමතරව ගැඹුරින් හුස්ම ගැනීමේ ව්‍යායාම වලද යෙදෙන්නට ඔබට පුළුවන්.
ගර්භණී සමය තුල ඔබට නැගුනු සමහර ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමට මේ ලිපිය ඔබට යම් ආකාරයකින් උපකාරී වන්නට ඇති කියා මම බලාපොරොත්තු වෙනවා. ඔබට තවත් ගැටළු සහ නිරාකරණය කර ගත යුතු දේවල් තිබේ නම් සෑම විටම ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීම වඩා සුදුසුයි.




පින්තූර: PublicDomainPictures from Pixabay (https://pixabay.com/)